Daily News
Trending

මාස්ටර් බ්ලාස්ටර් දිවිගමන නිමා කරයි…




ආර්ය ශ්‍රී ඨකුරාර්ත දේවාදිත්‍ය බණ්ඩාර ගර්දියවසම් ලිඳමුලගේ රෝයි ඇලෝශියස් ෆීලික්ස් ද සිල්වා නොහොත් රෝයි ද සිල්වා උපත ලබන්නේ 1937 අගෝස්තු 30 වැනිදාය.

1970 දී ප්‍රවීණ සිනමා නිළි සුමනා අමරසිංහ සමඟ විවාහවන රෝයි දරුවන් දෙදෙනකුට ආදරණීය පියෙකි.

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, තිර පිටපත් රචකයකු මෙන්ම රංඟන ශිල්පියකු ද ලෙස ලාංකීය සිනමාව පොහොසත් කළ රෝයිද සිල්වා මිය යන විට 80 වැනි වියේ පසු විය.

සිනමාවේ මාස්ටර් බ්ලාස්ටර් යන විරුදාවලිය ලත් රෝයි ද සිල්වා බොක්ස් ඔෆිස් වාර්තා තැබූ සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකි. රුක්මණී දේවී, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේ වික්‍රම, විජය කුමාරතුංග, සුමනා අමරසිංහ ආදී දැවැන්තයින්ගේ සිට වර්තමාන නළු නිළි පරම්පරාව අධ්‍යක්ෂණය කිරීමට පවා රෝයි වාසනාවන්ත විය.

ජනප්‍රිය දකුණු ඉන්දීය අධ්‍යක්ෂ පී. නීලක්කන් ගේ “සුජාගේ රහස” සමඟ සිනමාවට පිවිසි රෝයි චිත්‍රපට සියයකට පමණ රංඟනයෙන් සහභාගී විය.

ඉන්දීය සිනමා නළුවකුගේ පෙනුමෙන් යුක්ත වීමත් ඉන්දීය අධ්‍යක්ෂවරුන් සිංහල චිත්‍රපට තැනීමට පෙළඹීමත් චතුර ලෙස දමිළ භාෂාව හැසිරවීමත් රෝයි ගේ සිනමා දිවියට වාසනාව උදා කරන්නට හේතු විය.

ටොම් පචයා, තණ ගිරවී, සුමිතුරෝ, හිත හොඳ කොල්ලෙක්, තාත්ති මං ආදරෙයි, ගෙදර බුදුන් අම්මා, ඔක්කොම කනපිට, සූරයන් අතර වීරයා ආදී සිනමා නිර්මාණ රාශියක අධ්‍යක්ෂකරයා රෝයි ය. ඔහු චිත්‍රපට පසුබිම් ගීත ගායකයකු ලෙසද කටයුතු කර තිබේ.

සුමනා – රෝයි ආදර කතාව බොහෝ ශක්තිමන්ත වූ එකකි. වරක් සුමනා අමරසිංහ දැඩි සේ ගිලන්ව සිටියදී රෝයි ක්‍රියා කළ ආකාරය ඊට බොහෝ සෙයින් සාක්ෂි සපයයි.

රෝයි අවසන් ගමන් යන්නේ අසූ වයස් ඉක්මවූ ප්‍රවීණයකු සේ ගෞරවනීයවය. ඔහුගේ මතුභවයට අපි සංවේගයෙන් වුවද ආශිර්වාද කරමු.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close