Daily News
Trending

උමාරියා බැඳපුගමන් පැනපු පිම්ම.

Umaria Sinhawansa




Umaria Sinhawansa Exclusive from Starfiends.lk

උමාරියා සිංහවංශ ( Umaria Sinhawansa) කියන්නේ ඉන්දුනීසියාවෙන් පැවත එන පරම්පරාවක කෙනෙක්. ඒ වුණාට ඒ පරම්පරාව අයිති ශ්‍රී ලංකාවට. ඒ නිසා උමාරියා කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්. මැලේ ජාතිකයන් කියලත් එයාලට කියනවා. මේ අයට කලාව හොඳින් පිහිටලා තියෙන බවත් කියන්න ඕනේ. උමාරියාගේ පවුලේ සියලුම දෙනාට කලා හැකියාව තියෙනවා. උමාරියාගේ තාත්තා බටහිර සංගීතය ප්‍රගුණ කළ කෙනෙක්. අම්මත් සංගීත ඥානය ඇති කෙනෙක්. උමාරියා කියන විදියට එයාලගේ පවුලේ වැඩිම ගායන හැකියාවක් තියෙන්නේ අක්කාට. ඒ කියන්නේ උමාරා සිංහවංශට (Umara Sinhawansa). ඒ වගේම උමාරියාගේ සහෝදරවරුන් දෙදෙනාටත් සංගීත හැකියාව තියෙනවාලු.

Umaria Sinhawansa

උමාරියාගේ ඒ විස්තර ඇති. දැන් මේ කියන්න හදන්නේ ඊටත් වඩා වෙනස් කතාවක්. උමාරියා පහුගිය දවසක ප්‍රංශයේදි විවාහ වුණානේ. දෙවන වරට සිදුවුණ මේ විවාහයේදී උමාරියාගේ අත ගන්නේ සංගීතයට නෑකම් කියන කෙනෙක්. මේ දෙදෙනා ඉතාම සතුටින් කාලය ගත කරද්දී උමාරියා පැනපු පිම්මක් ගැන අපිට ආරංචි වුණා.

බැඳලා වැඩි කාලයක් යන්නත් කලින් උමාරියා ජීවිතයේ වඩාත් භයානකම පිම්ම ගන්නවා. ඒක කොයිතරම් භයානක එකක් ද කියලා උමාරියාගේ මුහුණේ සටහන්වෙලා තිබුණා. අඩි ගාණක් උස වලාකුළු අතරින් උමාරියා මේ පිම්ම ගන්නේ තනියම නම් නෙමෙයි. ඇය මේ පිම්ම ගන්නේ මේ මොහොතේ ඇය වඩාත්ම විශ්වාස කරන පිරිමියා එක්කත් නෙමෙයි. උමාරියා මේ බිහිසුණු පිම්ම ගන්නේ පැරිෂූට් පියාසරියේ පුරුදු කාරයකුත් එක්ක. උමාරියා කොයිතරම් සාර්ථකව ඒ අවස්ථාවට මුහුණ දීලා තිබුණා ද කියලා ඇය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුණ ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. හැබැයි ඉතින් මේ ත්‍රාසජනක අත්දැකීම ජීවිතයට එකතු කරගන්න උමාරියාට අවසර ලැබුණ එකනේ පුදුමේ. මොන හස්බන්ඩ්ටද පුළුවන් අනේ තමන්ගේ බිරිය අහසේ පාවෙනවා දකින්න. අභියෝග කියන්නේ අන්න ඒ වගේ පට්ට මාවලස් ඒවාට. ඉතින් උමාරියාට සැමියාගෙන් ඒ අවසරය ලැබෙනවා.

Umaria Sinhawansa

හැබැයි ඉතින් උමාරියා මුහුණ දීපු ඒ අවස්ථාව කොයිතරම් අසීරුද කියලා ඇය විස්තර කරන්නේ ඇයගේ මුහුණේ ඉරියව් වලින්. ඇගේ ජීවිතයේ කිසිදාක අමතක නොවන අත්දැකීමක් මේ විදියට ඇය සම්පූර්ණ කරගන්නවා.

Umaria Sinhawansa Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close