Daily News
Trending

හැමදාම උදේට ටෙහාන් හොයන්නේ මොනවද?




ටෙහාන් පෙරේරා කියන්නේ තරුණ තරුණියන් අතර ඉතාම ප්‍රසිද්ධ කට හඬක්. ඔහුගේ උණුසුම නමින් ප්‍රසිද්ධ කළ ගීතයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. හෂාණි පෙරේරා කියන්නේ ටෙහාන්ගේ ආදරණීය බිරිය. ඔවුන්ට ලස්සන චූටි දුවෙකුත් ඉන්නවා.

හෂාණි තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන කරන කතාබහකදී තමයි මේ සිදුවීම දැන ගන්න ලැබෙන්නේ.

හැමදාම උදේට ටෙහාන්ට හොයන්න දෙයක් තියෙනවාලු. ඒ තමයි වාහනේ යතුර. හැමදාමත් වගේ ටෙහාන්ට වාහනේ යතුර තියපු තැන අමතක වෙනවා. ඉතින් උදේ පාන්දරට විනාඩි 15ක් විතර කරන්නේ යතුර හොයන එකලු.

ටෙහාන් කියන්නේ හරිම ආදරණීය තාත්තා කෙනෙක්. දුවත් එක්ක ටෙහාන්ට තියෙන්නේ හරිම පුදුම බැඳීමක්.

හොඳට කාලා බීලා ඉන්න ඕනේ කියලා තමයි ටෙහාන් හිතන්නේ. අතේ සල්ලි තියෙනවා නම් එක එක ජාතියේ අලුත් කෑම ඕඩර් කරන්න ටෙහාන් හරිම ආසයිලුනේ.

ටෙහාන්ට හෂාණිව මුණගැහෙන්නේ ටෙහාන්ට අවුරුදු 17දී. එතකොට හෂාණිට යාන්තම් 14ක් වුණා විතරයි. ඉතින් මේ බැඳීම සෑහෙන පරණයි. ටෙහාන් සහ හෂාණිට තව ගොඩක් දුර යන්නත් තියෙනවා. සතුටින් සැහැල්ලුවෙන් ඒ දුර යන්න අපිත් මේ පුංචි පවුලට ආශිර්වාද කරනවා

Tags
Show More
Close