Daily News
Trending

සෝෂල් මීඩියාවලින් මට වඩා ජනාධිපතිතුමාට ගහනවා – ඉරාජ් වීරරත්න




යූටියුබ් එකේ ට්‍රෙන්ඩින් වන් වෙන්න ඉරාජ් ඕනම දෙයක් කරනවා කියලානේ හැමෝම කියන්නේ. මෑතකදී ඉරාජ් එහෙම කරපු දේවල් නිසා සෑහෙන කතාබහට ලක් වුණා. හැබැයි ඒවා අගය කිරීම් නෙමෙයි දරුණු විවේචන.

ඉරාජ්ට ෆේස්බුක් ෆෑන්ස්ලා මිලියනයකට වඩා ඉන්නවාලු. ඒකට හේතුව ඔහු ෆේස්බුක් එන්නේ ඒක පටන් ගත්ත කාලේ ඉඳන්මලු. හැබැයි ඉතින් ෆේස්බුක් එක බැලුවොත් වැඩිපුරම පේන්න තියෙන්නේ ඉරාජ්ට පළුයන්න බැනපු දේවල්

මේ ගැන කිව්වම ඉරාජ් පෙරලා අහන්නේ මේ වගේ කතාවක් .

අපේ රටේ ජනාධිපතිතුමාට ෆේස්බුක් එකේ ගහන ගැහිල්ල දැක්කම මට ගහන එක මොකක්ද? මට වඩා ජනාධිපතුතුමාට මේකෙන් අපහාස කරනවා. ඒ නිසා මං ඔය කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ඉරාජ් එයාට බැනලා එවන කමෙන්ට්ස්, පෝස්ට් වගේ ඒවා ඩිලීට් කරන්නෙ නැහැලු. ඒවා එකක්වත් ඉවත් කරන්නේ නැහැලු. ඒක තමයි ඉරාජ්ගේ විදිය.

ඉරාජ්ගේ පෞද්ගලික ජීවිතය ගැන පොඩ්ඩක් කියනවා නම්, තවමත් ඉරාජ් තනිකඩයෙක්ලු.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close