Daily News
Trending

සුනාමියක් ආවත් අමන්දා ඉස්සෙල්ලාම අතට ගන්න පෙට්ටිය.

Amanda Silva




Amanda Silva Latest News Exclusive from Starfiends.lk

අමන්දා සිල්වාට (Amanda Silva )ෆීල්ඩ් එකේ අය ආදරේට කියන්නේ ඒමි කියලා. විවාහ වෙච්ච දවසේ ඉඳලා එක එක රටවල සංචාරය කරපු අමන්දා හරිම ජොලියෙන් ඉන්න වෙලාවක තමයි මේ අපූරු කතාව කියන්නේ.

අමන්දා ගැන මේ කතාව කිව්වේ එයාගේ නංගිලා. යන යන තැන අරගෙන යන, නැතිවම බැරි පෙට්ටියක් අමන්දා ළඟ තියෙනවා. ඒ පෙට්ටියෙන් තොර ලෝකයක් අමන්දාට නැහැ. අමන්දාගේ නංගිලා කියන ආකාරයට නම් අක්කා සුනාමියක් ආවත් ඉස්සෙල්ලාම අතට ගන්නේ මේ පෙට්ටියලු. කොයිවෙලේ බැලුවත් අමන්දාගේ හෑන්ඩ් බෑග් එකේ මේ පෙට්ටිය සුරක්ෂිතව තියෙනවා.

ලංකාවේ number one model කෙනෙක් වුණ අමන්දා මේ ආකාරයට සුරක්ෂිතව තියාගෙන ඉන්නේ මේකප් බොක්ස් එක. ඒක නැතිව නම් අමන්දා අඩියක්වත් තියන්නේ නැහැ.

අමන්දා මේ විස්තර කිව්වේ එයාගේ hand bag එක ගැන අතිෂය පෞද්ගලික කාරණා කිහිපයක් හෙළිකරන අතරතුරේ. එයා ළඟ ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් බෑග් තොගයක් තියෙනවාලු. මේපාර ටුවර් එකේදි අමන්දාගේ හස්බන්ඩ් branded බෑග් කීපයක්ම අරගෙන දුන්නාලු. අමන්දා වැඩිපුරම කැමති වික්ටෝරියා සීක්‍රට් brand එකට. ඉතින් හස්බන්ඩ් බෑග් අරගෙන දෙන්නෙත් ඒ brand එකෙන්.

අමන්දා ගොඩාක්ම කලබල වෙන්නේ එයාගේ hand bag එකකට මොනාහරි වුණොත් තමයි. දවසක් ගුවන්තොටුපොළේ දී පරීක්ෂා කරන මැෂින් එකට දානකොට අමන්දාගේ ගොඩාක් වටින hand bag එකක් ඩැමේජ් වෙනවා. ඒ වෙලාවේ අමන්දා සෑහෙන කලබල වෙලා. දවසේම කල්පනා කරලා තියෙන්නේ ඒ ගැන.

සාමාන්‍යයෙන් අමන්දාගේ හෑන්ඩ් බෑග් එකේ එයාට නිතර අවශ්‍යකරන අඩුවැඩියවලට අමතරව කතරගම දෙවියන්ට වඳින ගාථා ලියපු කුඩා පොතකුත් තියෙනවා. අමන්දා කතරගම දෙවියන්ව ඉහළින්ම විශ්වාස කරනවාලු. අමන්දාගේ හබියාගේ ආච්චි අමන්දාට ජේසුස් වහන්සේගේ ධර්මය ලියැවුණ පොතකුත් දීලා තියෙනවා. ඒ පොතත් අමන්දා නිතරම hand bag එකේ දාලා තියාගෙන ඉන්නවා.

අමන්දා එයාගේ මාමාට හරිම ආදරෙයි. මාමාත් එහෙමයි. ඉතින් අමන්දාට වෙලාවකට හිතෙනවාලු මාමාව හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න ඇත්නම් කියලා.

Amanda Silva Latest News Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close