GossipsHollywood & Bollywood
Trending

ස්ත්‍රී දූෂණ චෝදනා නිසා රොනාල්ඩෝට වැඩ වරදී?




සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එල්ල වී ඇති ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරනවා කියලා ලෝක ප්‍රකට නයිකි සන්නාමය කියනවා.

ඇමෙරිකානු ක්‍රීඩා නිමි ඇඳුම් සන්නාමයක් වන නයිකි, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමඟ ඇ.ඩො. බිලියනයක ගිවිසුමක් අත්සන් කරලා ඉන්නේ.

ඒ.පී. පුවත් සේවයට අදහස් දක්වමින් නයිකි සමාගමේ ප්‍රකාශකයෙක් කියලා තිබුණේ, මේ වන විට උද්ගතව ඇති තත්ත්වය වඩාත් සමීපව අධ්‍යයනය කිරීමට ඔවුන් කටයුතු කරනවා කියලා.

මේ අතර, රොනාල්ඩෝ එක්ක තවත් ගිවිසුමකට එළැඹ සිටින EA ස්පෝට්ස් සන්නාමයත් මේ වගේම අදහසක් පළකරළා තියෙනවා.

2009 වසරේදී ලාස් වේගාස් හෝටලයකදී කැත්‍රීන් මෙයොර්ගාට ලිංගික අඩන්තේට්ටම් කළා කියලා 33 හැවිරිදි රොනාල්ඩෝට චෝදනා එල්ල වුණා. නමුත් රොනාල්ඩෝ නම් මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

කෙසේ වෙතත් යුවෙන්ටස් පාපන්දු කණ්ඩායම සිය ක්‍රීඩකයා ආරක්ෂා කර ගැනීම සඳහා ට්විටර් පණිවුයක් පළකරලා තිබුණේ මේ විදියට.

“මෑත මාස කිහිපය තුළ රොනාල්ඩෝ ඉතා උසස් වෘත්තීය දක්ෂතාවයක් සහ කැපවීමක් සමඟ ක්‍රීඩා කර තිබෙනවා. අප ක්‍රීඩා සමාජයේ සියල්ලන්ම එය අගය කරනවා.”

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close