GossipsHollywood & Bollywood
Trending

ශාරුක් – කාජල් වලියට අවුරුදු 20යි.




ශාරුක් – කාජල් වලිය කියනවාට වඩා මේක රාහුල් – අංජලී නම් වලින් කිව්වමයි ඔයාලට මතක් වෙන්නේ. මීට අවුරුදු විස්සකට කලින් බොලිවුඩ් සිනමාව උන්මාදයක් ඇති කරනවා. මේ උන්මාදය ලංකාවේ සිනමා ලෝලීන්ටත් වැළඳෙනවා. උන්මාදය ඇති කරන්නේ කරන් ජෝහාර්ගේ සිනමා කෘතියක්. මේ කියන්නේ 1998 තිරගත වුණ “කුච් කුච් හෝතා හේ” චිත්‍රපටය ගැන.

රාහුල්, අංජලී, ටීනා කියන මේ තුන්කොන් ආදරය ඇතුලේ චූටි අංජලී කෙනෙකුත් හිටියා. මේ හැමෝම එකිනෙකාට ආදරය විතරක් කළා. කඳුළු පෙරාගෙන අඬපු, බඩ අල්ලගෙන හිනාවුණ, ශෘංගාරය, ආදරය, උතුරපු ආදරණීයම චිත්‍ර පටයක්. ඒ සුන්දර ආදර කතාව අවුරුදු 20ක් තරම් ඈත ඉතිහාසයකට අයිති වුණා. ඒ කියනේ ‘කුච්කුච් හෝතා හේ’ සිනමා නිර්මාණය තිරගත වී අවුරුදු විස්සක් සම්පූර්ණ වුණා. මේ වෙනුවෙන් බොලිවුඩ්වල පුංචි සාදයක් පැවැත්වුණා.

මතකද ඉස්සර කොලේජ් එකේදී හැම තිස්සෙම වලි දාගන්න රාහුල් – අංජලී දෙන්නා. එයාලා දැන් වගකීම් සහිත දෙමාපියෝ. හැමෝම අඬවලා අවසන් ගමන් ගියපු ටීනාත් දැන් අම්මා කෙනෙක්. සමර් කෑම්ප් එකේ චූටි කොල්ලා වගේම චූටි අංජලී හුඟක් තරුණයි. ඒත් ඒ සමහර චරිත අද ජීවතුන් අතරත් නැහැ.

සිනමා කෘතියකින් කියවුණ සුන්දරම ආදර කතාවක් අපේ මතකයේ අවුරුදු විස්සක්ම රැඳිලා තියෙනවා. එහෙම වෙන්නේ කලාතුරකින්.

ඉතින් අවුරුදු විස්සකට පස්සේ රාහුල් අංජලී ටීනා හැමෝම ආයෙත් මුණගැහිලා ඒ ආදර කතාව සිහිපත් කළා. කරන් ජෝහාර් ඊට පස්සේ තවත් සුන්දරම ආදර කතා නිර්මාණය කළා. ඒත් කුච් කුච් හෝතා හේ දිනා සිටි තැන නම් ඒ කිසිම චිත්‍රපටයකට ගන්න බැරි වුණා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close