Daily News
Trending

විශ්ව – හසිනි විවාහයට මොකද වුණේ?

Hasini Samuel and Wishwa Perera Wedding




Hasini Samuel and Wishwa Perera Wedding Exclusive from Starfiends.lk

Hasini Samuel

හසිනි සැමුවෙල් කියන්නේ කවුද කියලා දැන් නම් සෑහෙන පිරිසක් හොඳින්ම අඳුරනවා. අන්‍තර්ජාල පුවත් මවන්න හසිනි හරිම දක්ෂයි.

වතාවක් එක්තරා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සමඟ දුරදිග ගියපු සම්බන්ධයක් ඇති බව හැඟවෙන ඡායාරූප වගයක් නිසා හසිනි සයිබර් අවකාශයේ හිට් එකක් වෙනවා. ඊටත් පස්සේ හසිනි හිට් වෙන්නේ බර්ත්ඩේ පාර්ටි එකක් නිසා. හසිනිගේ බර්ත්ඩේ පාටි එකේ විලාසිතා නිසා තමයි මේ විදියට හසිනි හිට් එකක් වෙන්නේ.

සරාගී නිරූපිකාවක් වන හසිනි හදිසියේම විවාහ වෙනවා. ඒ විශ්ව පෙරේරා එක්ක. ඔහුත් නිරූපණ ක්ෂේත්‍රයේමයි. ශ්‍රැංගිලා හෝටලයේදී තමයි මේ පංකාදු විවාහ මංගල්‍යය තියෙන්නේ. ඇත්තටම එදා ඒ කියන්නේ 4 වැනිදා සිද්ධ වුණේ මුදු මාරු කරගැනිල්ලක් විතරයි. ඒකත් ජයටම අරගෙන තිබුණා. මේ අවස්ථාවට ආපු හසිනිගේ සරාගී යාළුවෝ සෙට් එක සරාගී ඩාන්ස් එකකුත් දානවා. කෞෂි (Kaushi) කියන්නෙත් එතන හිටපු එක්කෙනෙක්. කෞෂිවත් ඔයාලා දන්නවානේ? ඇයත් විලාසිතා නිසා කතාබහට ලක්වුණ නිරූපිකාවක්.

කොහොම හරි හසිනිගේ වෙඩින් පින්තූර ශෙයාර් වෙන අතරතුරදීම විශ්ව සහ විශ්වගේ මිතුරියක් අතර සිදු වූ වට්ස් ඇප් සංවාදයක් ලීක් වෙනවා. ඒක විශ්වගේ අනුදැනුම මතම ලීක් වෙච්චි එකක් කියලා තමයි බැලූ බැල්මට පෙනුනෙත්. ඒ සංවාදෙට අනුව නම් විශ්ව සහ හසිනි විවාහයෙන් පැය විසි හතරක් යන්නත් කලින් වලියක් දාගෙන තියෙනවා. නිකම්ම නෙමෙයි විවාහය කටුගෑවෙන සයිස් එකේ වලියක්. රැප් ගායකයකු වන ෆිල් ටී (Fill T) එක්ක හසිනිට තිබුණ සම්බන්ධයක් නිසා මේ විදියට හසිනි සහ විශ්වගේ විවාහය දෙදරා ගියා කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් අන්තිමට ගුටි කෙලිය නිමාවෙලා තියෙන්නෙ හෝටල් කාර්යමණ්ඩලයත් මැදිහත් වුණාට පස්සෙලු.

හසිනිගේ විවාහයේ උණුසුම මැකිලා යන්නත් කලින් මේ වෙච්ච දේ නම් අදහා ගන්නවත් බැහැ. අන්තර්ජාල පුවත් සම්බන්ධයෙන් ලොකුවට විශ්වාස තබාගන්නත් බැහැනේ. ඒ නිසා ඇත්තටම මොකද වුණේ කියලා කියන්න අපිට බැහැ. ඒත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ කියනවානේ. ඒ නිසා මොකක් හරි සිදුවෙලා තියෙන බව නම් කියන්නම වෙනවා.

බැඳීම් කියන දේවල් රඳා පවතින්නේ විශ්වාසය ඇති තාක් පමණයි. විශ්ව හසිනි අතරට ආපු තුන්වැන්නෙක් මේ විශ්වාසය කඩා බිඳ දාලා කියලා අපිට හිතෙනවා. කොහොම හරි කමක්නෑ ගහමරා ගන්නේ නැතිව මේ ප්‍රශ්න ගොඩින් බේරගන්න එක තමයි එයාලගේ ජනප්‍රිය ජීවිතවලට හොඳ. දැනටමත් මේ සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා හුවමාරුවන දේවල් දැක්කාම නම් එහෙම හිතෙනවා.

Hasini Samuel and Wishwa Perera Wedding Exclusive from Starfiends.lk

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close