Daily News
Trending

විශ්වගේ වයර් මාරුවෙලා ලයිව් ඇවිත් කියපු දේවල්…




මන්ත‍්‍රී ඇමති වැටුප සියයට දෙසිය පහළවකින් වැඩි කරන්නට අනුමත වූ පුවත දැන ගන්නට ලැබීමෙන් මෙරට පුරවැසියන් නොසෑහෙන්න කම්පා වුණානේ.

ජීවන වියදම අහස උසට නැගලා තියෙන වෙලාවක ජනතාව මත බදු පිට බදු පටවන ගමන් මැති ඇමතිවරුන්ගේ පඩි වැඩිකරගැනීම සම්බන්ධයෙන් ජනතාවට තියෙන්නේ විශාල වේදනාවක්. ඒ වගේම කේන්තියක්.

මෙහෙම තියෙද්දිත් විශ්ව ලංකා ලයිව් ඇවිත් මැති ඇමැතිවරුන්ගේ පඩි වැඩිකිරීම සාධාරණීකරණය කරනවා. කලාකරුවෙක් විදියට මේ වගේ ප‍්‍රශ්නයකදි ජනතාව එක්ක හිටගන්නවා වෙනුවට විශ්ව පාලක පන්තියේ පැත්ත ගන්නඑක ගැන හැමෝම හිතුවා.

මැති ඇමතිවරු ගතකරන්නේ හරිම දුක්ඛිත ජීවිතයක්. ඒ හිගන ජීවිත වෙනුවෙන් මේ වගේ සොච්චම් මුදලක් වැඩි කිරීම හරිම සාධාරණයි. ඒ මිනිස්සු කොයිතරම් දුකක් විදිනවාද ජීවත් වෙන්න? අපි වගේ බඩේ අමාරුවක් හැදුනත් පිටරට ඉස්පිරිතාලවලින් බෙහෙත් ගන්න එයාලට බැහැනේ. අනික යාන වාහන මොනවත් ඒ අයට නැහැ.

මෙන්න මේ විදියට අදහා ගන්න බැරි දේවල් ටිකක් ඇත්ත වගේ සීරියස් මූඩ් එකට ඇවිත් කියනවා.

ටික වෙලාවක් යද්දි තමයි මේ ලයිව් වීඩියෝ එක බලන කෙනෙක්ට වුණත් තේරෙන්න ගන්නේ මේක මේ දරුණු උපහාසයක් කියලා. විශ්වත් වීඩියෝවේ අන්තිමටම තමයි තමන් පටලවාගෙන් විත්තිය පේන්න දෙන්නේ.

විශ්ව අපේ රටේ පාලක පන්තිය හිගන්නන් තරම් අසරණ බව නොකියා කියනවා. කලාකරුවෙක් විදියට මේ විදියට ඉදිරිපත් වීම පවා අගය කරන්න වටිනවා. ජනතාවට සහන දෙනවා වෙනුවට තම තමන් බඩ වඩා ගැනීමේ දේශපාලනය අපි පිටුදැකිය යුතුයි.

ඔයාලට විශ්වගේ ෆේස්බුක් පිටුවට ගියා නම් මේ වීඩියෝව බලන්න පුළුවන්. ඇත්තටම එතන ගැඹුරු උපහාසයක් ගැබ්වෙලා තියෙනවා

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close