Daily News
Trending

රුවන්ගි සියලු සැප සම්පත් අතහරී.




කොලිවුඩ් සිනමාවට සමීප රූප සොබාවක් තියෙන රංඟන ශිල්පිනියක් ලෙස රුවන්ගිව බොහෝ දෙනෙක් හඳුන්වා දෙනවා. ඇයට මෙරට සිනමාවටත් ගැලපෙන පෙනුමක් සහ දක්ෂතාවක් තියෙනවා. ඒත් හදිසියේම රුවන්ගි හිස මුඩුකර සසුන්ගත වූ පුවතක් අපිට ආරංචි වුණා.

ඇත්තටම ඒ ආරංචිය රුවන්ගිගේ සිනමා දිවියේ සුවිශේෂී කඩයිමක් පිළිබඳව බව පසුව අපි දැනගත්තා. වාණිජ සිනමාවේ බොහෝ චරිත රඟදක්වා තිබුණත් රුවන්ගි ඓතිහාසික තේමාවක් රැගත් සිනමා පටයකට සම්බන්ධ වී තිබුණේ නැහැ. නමුත් “සුභා තෙරණිය” කියන සිනමා පටයත් සමඟ ඇයට ඒ අඩුවත් සම්පූර්ණ කරගන්න හැකි වෙනවා. මෙහි සුභා තෙරණිය කියන ප්‍රධාන චරිතය නිරූපනය කරන්න තෝරාගන්නෙ රුවන්ගිව.

සුභා කියනේ අසීමිතව සිටු සම්පත් භුක්ති විඳලා අවසානයේ ජීවිතය ගැන කළකිරීමට පත්වෙලා සසුන්ගත වන තෙරණියකගේ කතාවක්. මේ ඓතිහාසික චරිතය ජීවමාන කිරීම සුළුපටු අභියෝගයක් නෙමෙයි.

රුවන්ගි ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා. ෂූටින් වලදී බොහෝ වෙලාවක් කෘත්‍රිම තට්ටයක් පැළැඳ සිටින්න ඇයට සිදුවනවා. තට්ටය සකස් කරන්නෙ පාන්දර 2ට විතරලු. ඊට පස්සේ පැය 5ක් වාඩිවෙලා ඉන්න ඕනෙලු. එහෙම ඉඳලා දවස පුරාම ෂූටින්ලු. මේ කටයුත්ත කියන තරම් පහසු නැහැ. අවසානයේ රුවන්ගි ඉතාම සාර්ථකව සුභා තෙරණියගේ චරිතය නිරූපණය කළා කියලා තමයි අධ්‍යක්ෂවරයා කියලා තිබුණේ.

සුමිත් කුමාර තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඉදිරියේ දවසක අපිට සුභා තෙරණිය නරඹන්න පුළුවන් වෙයි.

රුවන්ගිගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ කියනවා නම් ඇය දැන් පෙම්වතියක්. හැබැයි ඉතින් ළඟදි විවාහ වන්න නම් අදහසක් නැහැලු.

Tags
Show More
Close