Daily News
Trending

යාළුවො එක්ක වලි දාගෙන මුස්ලිම් ගම්මානයක් ප්‍රකෝප වෙලා. එක යාළුවෙක් බෙලිහුල් ඔයේ සදහටම සැඟවිලා – චන්න පෙරේරා.




චන්න කියන්නේ වැඩි දාංගලයක් නැති තිරයේ අහිංසක වගේම සුන්දර පෙම්වතා. ඒ කාලයකට කලින්. දැන් චන්න රංඟනය වගේම නිර්මාණ අධ්‍යක්ෂණයෙත් යෙදුන ප්‍රවීණයෙක්.

මේ කියන්න හදන්නේ චන්නගේ ඉලන්දාරි කාලේ ගැන. චන්න ඉස්කෝලේ යන කාලේ ඇසුරු කරන්නේ රෝයල් සහ තර්ස්ටන් එකේ කොල්ලන්ව. චන්නගේ ඉස්කෝලෙත් රෝයල්නේ. චන්න හුඟක්ම ළඟින් ආශ්‍රය කරපු යාළුවෝ තුන්දෙනෙක් හිටියා. ඒ අතරින් එක යාළුවෙක් දවසක් බෙලිහුල් ඔයේ නාන්න ගියපු වෙලාවක එයාලගේ ජීවිතයෙන් සමු ගන්නවා. ඒක අදටත් චන්නට දරාගන්න බැරි වේදනාවක්.

වැඩිය වලි වලට නොගියට යාළුවෝ එක්ක ඉන්නකොට චන්නටත් ඒ පෝරියල් කන්න වෙනවා. මොරොන්තුඩුව කලපුව තමයි චන්නයි කොල්ලෝ සෙට් එකයි වලබැහැපු තැන. නිකන් නෙමෙයි රා බීලා සින්දු කියලා රෑ වෙලා තමයි කට්ටිය ගෙවල්වල යන්නේ. එහෙම ගිහිං චන්න ගෙදරින් ගුටිත් කනවා.

දවසක් ඔන්න අටලූගම සෙට් එකකුයි චන්නලයි ක්‍රිකට් මැච් එකක් ගහනවා. මැච් එක අස්සේ පොඩි වලියකුත් ගිහිල්ලා තියෙනවා. ඒ වලිය එතනින් ඉවරයි කියලා හිතුවට මුස්ලිම් ගම්මානයක්ම ඇවිල්ලා චන්නලගේ සෙට් එක වටකරගන්නවා. ඊට පස්සේ ඇතිවෙන්න ගියපු කෝලාහලය බේරන්නේ ග්‍රාමසේවකගේ මැදිහත් වීමෙන්.

ඒ තරමින් වලිය නොවිසඳුනා නම් මේ වෙද්දි චන්න පෙරේරා කියලා කෙනෙක් දකින්නවත් ලැබෙන්නෙ නෑ. දන්නවනේ සිංහල මුස්ලිම් කෝලාහල පත්තුවෙලා යන හැටි.

ඔන්න ඔය වගේ රසවත් ඉලන්දාරි කාලයක් පහු කරලා ඇවිත් තමයි දැන් චන්න බොහොම තැන්පත් අහිංසක ලීලාවට ඉන්නේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close