Daily News
Trending

මේ දවස්වල මං නොසෑහෙන්න බැනුම් අහනවා…




නිපුනිකා ඉස්සරවෙලාම ෆීල්ඩ් එකට එන්නේ නිවේදිකාවක් හැටියට. ඊට පස්සේ ඇය රංඟනයට අවතීර්ණ වෙනවා. රංඟනයේදී නිපුනිකා ඉදිරියෙන් ඉන්න නිළියක්. නමුත් ඇය නිතර නිතර නම් දකින්න ලැබුණ චරිතයක් නෙමෙයි. රංඟනයට අමතරව ඇය හඬකැවීිම් ශිල්පිනියක් ලෙසත් නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මේ මොනවා කළත් නිපුනිකා කියන්නේ වැඩි සද්දබද්ද නැති නිහඬ කෙනෙක්.

මේ දවස්වල නම් නිපුනිකාට ඒ තරම් හොඳ නෑ වගේ. ඒකට හේතුව මේ දවස්වල ඇය හරියට මිනිස්සුන්ගෙන් බැනුම් අහනවාලු. විශේෂයෙන්ම ඇගේ රසික රසිකාවන් ඇයට බනිනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. මේකට හේතුව ඇය රඟපාන චරිතයක්. අහස් මාලිගා කියන ටෙලි නාට්‍යයේ නිපුනිකාට රඟපාන්න ලැබිලා තියෙන්නේ විලන් රෝල් එකක්. සඳමාලි කියන මේ චරිතය වස නපුරු හිතුවක්කාර චරිතයක් ලු. මෙන්න මේ චරිතය නිසා නිපුනිකා ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගෙන් නොසෑහෙන්න බැණුම් අහනවා කියලා ඇය කියලා තිබුණේ පුවත්පත් සාකච්ඡාවකදී.

චරිතයක් නිසා බැනුම් අහනවා කියන්නේ නිළියකට සතුටු විය හැකි කාරණාවක්. නිපුනිකා ඒ තරම් සාර්ථකව සඳමාලිගේ චරිතය නිරූපණය කරන නිසා තමයි ඇයට මේ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ. හැමදාම එකම වගේ චරිත භාර දෙන්නේ නැතිව වෙනස් චරිත ලබා දෙනවාට නිපුනිකා නිමන්ති පෝරගේට සහ ප්‍රභාත් රෝෂන්ට ස්තූති කරන්නත් අමතක කරන්නේ නැහැ.

ආදරය ගැනත් නිපුනිකා මේ සාකච්ඡාවෙදි කියන්න අමතක කරලා නැහැ. නිපුනිකා කියන්නේ ආදරය කියන්නේ අපි හැමෝම ලැබිය යුතු ඉතාම වටිනා දෙයක් කියලා. රංඟනයට ඇවිත් සෑහෙන කාලයක් ගතවුණත් තවම නිපුනිකාට සම්මාන නම් ලැබිලා නැහැ. නමුත් සම්මානයකට ළඟා වීමේ හීනයක් නම් ඇයට තිබෙනවා. ඒ නිසා ඉක්මනින්ම ඇයව සම්මානනීය කරන්න තරමට උසස් නිර්මාණ ඇයට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close