GossipsHollywood & Bollywood
Trending

මේගන් කුමරියගේ පදවිය වෙනස්වන ලකුණු.




බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සමාජිකාව තමයි මේගන් මාක්ල් කුමරිය. හැරී කුමාරයයි මේගන් කුමරියයි මේ ළඟදී දවසක ලන්ඩන්වල රෙදි පිළි සාප්පුවකට ගිහිල්ලා තියෙනවා.

රාජ කුමාරවරු කියලා නෑනේ. එහෙම අවශ්‍යතා කාටත් තියෙනවා. ඉතිං මේ සාප්පු සවාරිය ගැන ලොව පුරා මාධ්‍ය මේ තරම් උනන්දු ඇයි?

දන්නවද? මේගන් රෙදිපිළි සාප්පුවෙන් වැඩිපුරම තෝරගෙන තියෙන්නේ ලිහිල් ඇඳුම්ලු. ඉතින් මේගන් මව් පදවියට සූදානම් වෙනවද කියන සාධාරණ සැකය ඒ නිසා හැමෝටම ඇති වෙනවා. මේගන්ගේ සමීප කෙනෙක් නම් කියන්නේ මේගන් මව් පදවිය සම්බන්ධයෙන් පෙරහුරුවක් ගන්න පන්තියකට පවා සහභාගී වුණා කියලයි. මේ ගැන බ්‍රිතාන්‍ය පුවත්පත් කිහිපයකත් වාර්තාවෙලා තිබුණා. මේ දවස්වල මේගන් ගැන ඇගේ මවත් හුඟක්ම හොයලා බලනවාලු. ඉතින් දරුවෙක් ලැබුණොත් කොහොමටත් මේගන් ඒ දරුවව රැක බලාගන්න පිටස්තර කාන්තාවන්ගේ සහය ගන්න නම් අදහසක් නැහැලු. ඒක එයාගේ අම්මගේ අතින් සිදු වන බව තමයි මේගන් කුමරිය කල් තියාම කියලා තියෙන්නේ.

Tags
Show More
Close