Daily News
Trending

මලෙයිකා අරෝරා සහ අර්බාස් ඛාන් කාලෙකට පස්සේ මුණගැසුන හේතුව…




මලෙයිකා අරෝරා කියන්නේ මේ දවස්වල අර්ජුන් කපූර්ගේ පෙම්වතිය. මේ දෙදෙනා ළඟදීම විවාහ වන බවටත් ආරංචි පැතිර යනවා. එහෙම තියෙද්දි මලෙයිකා ඇගේ කලින් සැමියා වූ අර්බාස් ඛාන් මුණගැසී ඇති බව දැනගන්න ලැබෙනවා. මලෙයිකා සහ අර්බාස් දික්කසාද වන්නේ 2017 වර්ෂයේ දී. ඊට පස්සේ මලෙයිකා අර්ජුන් කපූර් සමඟ ආදරයෙන් වෙලෙනවා. අර්බාස් ඛාන් කියන්නේ සල්මන් ඛාන්ගේ සහෝදරයා කියලත් ඔයාලා දන්නවානේ.
දහ අට වසරක යුග දිවියෙන් වෙන්වී සිටින අර්බාස් ඛාන් සහ මලෙයිකා අරෝරා නළු නිළි යුවළට පසුගියදා යළි එකම තැනකදී මුණ ගැසෙන්න තීරණයක කළේ ඇයි? ඒ, ඔවුන‍්ගේ නව යොවුන් වියේ පසුවන පුත්‍රයාගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන්.
අර්බාස් – මලෙයිකා යුවළගේ එකම දරුවා වන අර්හාන් ගේ 16 වැනි උපන් දින සාදයටයි ඔවුන් දෙදෙනා මේ විධිවට මුණගැසෙන්න තීරණය කරලා තිබුණේ. අර්හාන්ව බොලිවුඩ් සිනමාවට හඳුන්වාදීමත් මේ උපන් දින සාදයේ අරමුණක් වී තිබුණා. ඉතින් අර්හාන්, බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ ‘ඩබාන්ග් -3’ චිත්‍රපටයෙන්. මෙහි අධ්‍යක්ෂවරයා ප්‍රභූ දේවා. ඒ වගේම එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සල්මන් ඛාන් සහ සොනාක්ෂි සිංහ. ‘ඩබාන්ග් – 3’ චිත්‍රපටයේ රූගත කිරීම් එළඹෙන අප්‍රේල් මාසයේදියි ඇරඹෙනවා.
මෙහි ගීතමය දර්ශනයකට පමණක් කරීනා කපූර්ගේ නර්තනමය රංගනයක් ඇතුළත්වන බව දැනගන්න ලැබෙනවා.
කලින් නිර්මාණය වූ ඩබාන්ග්-1 සහ ඩබාන්ග්- 2 යන චිත්‍රපට දෙකෙහිම මලෙයිකා අරෝරා රඟපෑවා. නමුත් ‘ඩබාන්ග් – 3’ චිත්‍රපටයට ඇයව ‍තෝරා ගන්නේ නැති බව තමයි දැනට ආරංචි වෙන්නේ. ඒ තීරණය අරගෙන තියෙන්නේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වන අර්බාස් ඛාන් සහ සල්මන් ඛාන් කියලත් දැනගන්න ලැබෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close