Daily News
Trending

මනුරංග සතුටට කෑගහනවාලු – මනුරංග විජේසේකර




මනුරංග විජේසේකර කියන්නේ නව පරපුරේ ගායකයන්ට අපූරු පදමාලා නිර්මාණය කරලා දෙන අපූරු ගේයපද රචකයා. ඔහු මේ වන විට විවිධ දක්ෂතා ඔස්සේ බොහෝ පිරිසක් අතරට පැමිණ තිබෙනවා. මනුරංග සහ ලහිරු කියන සංයෝගයෙන් ඉතාම වෙනස් සංගීත හැඩයක් පවා බිහි වුණා.

නිර්මාණශීලී මිනිසකු ලෙස මනුරංගව අවිවාදයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්. මේ නිර්මාණශීලී තරුණයා කසාද බැන්දේ පසුගිය වසරේදී. මනුරංගගේ අතගත්ත ප්‍රියම්බිකාව ඔහු ගැන දැන් කියන කතාව පසු ගියදා පුවත්පතක පළවෙලා තිබුණා.

ඇය කියන ආකාරයට මනුරංග කියන්නේ, වැඩිය දඟලන්නේ නැති කතාබහ නැති කෙනෙක්ලු. මනුරංග ගොඩක් ජනප්‍රිය චරිතයක් වෙන්න අකමැති කෙනෙක්. ඒත් ඔහු තරුණ පරම්පරාව අතර සෑහෙන ජනප්‍රියයි. කොයිතරම් රැඩිකල් චරිතයක් සේ නිර්මාණවලදි හැසිරුණත් මනුරංග කියන්නේ සංවේදී කෙනෙක්. දරාගන්න බැරි වේදනාවක් ළඟදි මනුරංග අඬනවාලු. ඒ විතරක් නෙමෙයි ලොකු සතුටක් ඇතිවුණ වෙලාවට මනූ ඒ සතුට ප්‍රකාශ කරන්නේ කෑගහලාලු. තරහා ගියාම මනූ වැඩිපුරම කරන්නේ පැත්තකට වෙලා ඉන්න එකලු. හැබැයි ගොඩක් තරහා ගියොත් නම් ටිකක් කෑගහනවා කියලත් ඇය කියනවා. මනූ ගැන හොඳ ප්‍රතිචාර අහන්න ලැබෙන එක බිරියක් හැටියට ඇයව වඩාත්ම සතුටට පත් කරනවා. තමන්ට සහ පවුලට ඔහුගේ ජීවිතයේ ලොකු ඉඩක් වෙන්ව ඇති බවත් මනූගේ බිරිය වන දිල්තාරා ප්‍රකාශ කරනවා.

මනුරංගට දිල්තාරාව මුණගැසෙන්නේ මුහුණු පොතින්. දිල්තාරා චිත්‍ර කලාවට හැකියාවන් පෙන්වද්දි ඇයව දෙපාරක් නොහිතා ෆලෝ කරන්න මනූ පෙළෙඹෙනවා. මේ ආදර කතාවේ ආරම්භය සිදුවන්නේ අන්න ඒ විධියට. ඊට පස්සේ දවසක දිල්තාරා ළඟ කාර් එකක් නතර කරනවා. ඒක ඇතුලේ හිටියේ ලහිරු පෙරේරා. ඒත් දිල්තාරාව අමතන්නේ රියදුරු අසුනේ සිටි කෙනා. ඔහු තමයි මනුරංග. ඊටත් පස්සේ ඒ ආදර කතාවට පියාපත් ලැබෙනවා. දැන් ඔවුන් ස්වාමි භාර්යා සම්බන්ධය ගොඩනඟාගෙන අවසන්.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close