Daily News
Trending

මට තවම සිකුරා ලබලා නැහැ – රශිප්‍රභා සංදීපනී




රශිප්‍රභා සිනමාවට එන්නේ වේදිකාවෙන්. ඊට පස්සේ ඇය පුංචි තිරයේ නමක් දිනා ගන්නවා. මේ දිනවල විකාශය වන ‘රාහු’ කියන ටෙලිනාට්‍යයේ ඇය පොලිස් නිලධාරිනියකගේ චරිතයක් නිරූපණය කරනවා. ඒ වගේම ‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලිනාට්‍යයේ ආනන්ද කුමාරයාගේ මවගේ චරිතයට පණ පොවන්නෙත් ඇය. මේ විදියට රශිප්‍රභා එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරනවා. ඒ වගේම ඇය ගේය පදරචනයටත් දක්ෂයි. ඒ බව තහවුරු කරමින් රශිප්‍රභා ‘ඉඩෝර වැස්ස’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය රචනා කරනවා. එම ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඇයමයි.

මේ විදියට කලා ක්ෂේත්‍රයේ සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින රශිප්‍රභා විවාහ ජීවිතය ගැන කියන්නේ මෙහෙම කතාවක්.

රශිප්‍රභාගේ වයසේ හුඟක් අයට දැන් විවාහ වෙලා ළමයිත් ඉන්නවාලු. ඒත් රශිප්‍රභා තවම විවාහවෙන්න හිතලාවත් නැහැලු. කවුරුවත් කිව්වට විශ්වාස නොකළත් රශිප්‍රභාට තවමත් පෙම්වතෙකුත් නැහැලු. ඇය ගොඩාක් සංවේදී කෙනෙක් නිසා ආදරය එක්ක ඇති වන බැඳීම්වලට ඇය බයයිලු. කොහොම වුණත් රශිප්‍රභාගේ හිත සොරකම් කර ගත් ආදරවන්තයාව ළඟදීම දවසක ඇයට මුණගැහේවි කියලා අපි විශ්වාස කරනවා. ඒත් රශිප්‍රභා නම් කියන්නේ එයාට තවම සිකුරා ලබලා නැහැ කියලා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close