GossipsHollywood & Bollywood
Trending

බොලිවුඩ් නළු නිළියන්ගේ රහස්.Exclusive Photos

Bollywood Secret




Bollywood Secret Exclusive from Starfriends.lk

• අමීර්ගේ සැඟවුණ පෙම්වතිය (Aamir Khan)

අමීර් ඛාන් මේ වන විට විවාහ වී සිටින්නේ කිරන් රාස් සමඟ. ඒ ඔහුගේ දෙවැනි විවාහය. මේ ගැන හැමෝම දන්නවා. ඒත් අමීර් ගැන අපි දැන් කියන කතාව නම් හුඟදෙනෙක් දන්නේ නැහැ. Jessica Hines කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක්. අමීර්ට ඇයව මුණගැසෙන්නේ වික්‍රම්ගේ ගුලාම් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී. ජෙසිකා සහ අමීර් අතර මේ විධියට ආරම්භ වූ ප්‍රේම සම්බන්ධය කෙළවර වන්නේ අමීර් නිසා ජෙසිකා ගැබිනියක් බවට පත් වීමෙන්. ඒත් අමීර් ඇයව හෝ ඇයගේ කුසතුළ සිටින දරුවාව පිළිගන්න සූදානම් වුණේ නැහැ. සම්මුඛ සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් විමසූ වි‌ට ජෙසිකා කිව්වේ කවදා හෝ දවසක ඇයගේ පුතා ලොකු වූ විට, ඔහුගේ තාත්තා ඔහුව පිළිගන්නට සූදානම් නොවුණ බව ඔහුට පවසන බව.

 

• ගෝවින්ද රාණි ආදර කතාව (Govinda & Rani Mukerji)

ගෝවින්ද අති සාර්ථකව සිටි 90 දශකයේ දී තමයි රාණී මුකර්ජී සිනමා ආගමනය සිදු වන්නේ. Hadh kar Aapne කියන සිනමා නිර්මාණයේ දී එවකට නවක නිළියක වූ රාණී සහ ප්‍රවීණ සිනමා නළු ගෝවින්ද එකට මුණගැහෙනවා. දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇති වන්නේ අන්න ඒ කාලසීමාවෙදී. හැබැයි ඉතින් ඒ් වන විටත් ගෝවින්ද විවාහකයෙක්. ක්ෂේත්‍රයේ අය පවා ගෝවින්ද රාණී ප්‍රේම සම්බන්ධය ගැන ඒ දවස්වල පුදුමයට පත් වෙලා තිබෙනවා.

• රන්වීර් සිංට අධ්‍යක්ෂවරයකු කළ අයුතු යෝජනාව (Ranveer Singh)

රන්වීර් සිං විවාහ වෙලා ඉන්නේ සුරූපී නිළි දීපිකා පදුකෝන් සමඟ. ඒ ආදර කතාව ඇස්වහක් කටවහක් නැතිව සාර්ථකව ගලාගෙන යනවා. ළඟදි දවසක දෙන්නා ලංකාවටත් ඇවිත් ගියා. ඒත් මේ කියන කතාව නම් හුඟක් අය දන්නේ නැහැ. එක එක විධිය ආදර සම්බන්ධතා තියෙනවානේ. සමලිංගික සහ විෂම ලිංගික කියන්නේ ආදර සම්බන්ධතාවල මූලිකම ප්‍රබේද දෙක. රන්වීර් නම් සමලිංගිකයෙක් නෙමෙයි. හැබැයි වරක් රන්වීර්ට එවැනි ආරාධනාවක් ලැබෙනවා. රන්වීර්ට ආදරය කරන අය අතර එවැනි අයත් සිටීම වරදක් නෙමෙයි. හැඟීම් කියන්නේ ඇතිවන්න පුළුවන් දෙයක්නේ. දන්නවාද? මේ ඉල්ලීම කරන්නේ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයෙක්ලු. හැබැයි මේ නිසා රන්වීර් දැඩි කළකිරීමට පත්වුණ බව වරක් ඔහු මාධ්‍යයටත් ප්‍රකාශ කරලා තිබුණා.

• රිතික්ගේ මානසික ආතතිය (Hrithik Roshan)

රිතික් රෝෂන් කියන්නේ බොලිවුඩ් සිනමාවේ සිටින අති දක්ෂ නර්තන ශිල්පියා. ඔහුගේ රංඟනයට නර්තනයද අනිවාර්යයි. රිතික්ට තියෙන්නේ අතිශය නම්‍යශීලී සිරුරක්. ඔහු බොලිවුඩ් සිනමාවට ප්‍රවිශ්ට වන විටත් විවාහකයි. ඔහුගේ බිරිය සුසෑන් ඛාන්. 20000 වසරේ දී විවාහ වුණ මේ දෙදෙනා 2014 වර්ෂයේ දී දික්කසාද වෙන්න තීරණය කරනවා. මේ තීරණය ගත්තා වුණාට ඊට පස්සේ රිතික් දැඩි මානසික ආතතියකට පත් වෙනවා. ඔහුට ඔහුගේ පෞද්ගලික ජීවිතය සහ රංඟන ජීවිතය සමබර කරගන්න අවශ්‍ය වූ නිසා විශාල මුදලක් ගෙවා මනෝ වෛද්‍යවරයකුගේ සහය ලබා ගන්නවා. රිතික් මානසික ආතතියෙන් මිදෙන්න උත්සාහ ගන්නේ ඒ ආකාරයට.

• රාජ් කුන්ද්‍රාගේ විවාහයට ශිල්පාගෙන් බලපෑම් (Shilpa Shetty)

රාජ් කුන්ද්‍රා කියන්නේ බොලිවුඩ්වල සිටින ධන කුවේරයෙක්. ඔහු විවාහ වී සිටින්නේ ශිල්පා ශෙට්ටි එක්ක. රාජ් මීට පෙර විවාහ වී සිටි කෙනෙක්. ඔහුගේ පළමු විවාහය දෙදරා යන්න හේතුවත් ශිල්පා බවට මතයක් තිබුණා. රාජ් සහ ශිල්පාගේ ඇසුර දැගත් වහා රාජ්ගේ බිරිය ඔහුගෙ‍න් වෙන්වීමට තීරණය කරනවා. නමුත් ශිල්පා සහ ඇගේ දෙමාපියන් රාජ් සම්බන්ධයෙන් ශිල්පාට එල්ල වූ චෝදනා නිසා දැඩි අපහසුතාවට පත් වෙනවා.

• සල්මන්ගෙන් ජැකොලින්ට ගිෆ්ට් එකක්. (Salman Khan & Jacqueline Fernandez)

සල්මන් සහ ජැකොලින් අතර විශාල වයස පරතරයක් තිබුණත් මේ දෙදෙනා සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරුණා. ඒවායෙහි ඇත්ත නැත්ත නොදන්නවා වුණත් සල්මන් ජැකොලින් වෙනුවෙන් කෝටි 03ක් පමණ වටිනා තට්ටු නිවසක් තෑගි කර ඇති බව නම් දැනගන්න ලැබෙනවා. ඒකට හේතුව සල්මන්ට ජැකොලින් හුඟක් විශේෂ කෙනෙක් වීමලු.

• රන්බීර්ට අවුරුදු 15 දී වෙච්ච දේ (Ranbir Kapoor)

රන්බීර් කපූර් කියන්නේ දීපිකාගේ පැරණි පෙම්වතා. රන්බීර් සාමාන්‍යයෙන් මාධ්‍යයට ගොඩක් විවෘත කෙනෙක්. ඒ වගේම ඔහු තරමක් සෙල්ලක්කාරයි. සැහැල්ලුවෙන් ජීවිතය ගැන හිතන කෙනෙක්. මේ හේතුව නිසා ඔහුගේ ජීවිතයෙන් පෙම්වතියන් කිහිප දෙනෙක්ම ඈත් වෙලා යනවා. ඉතින් දවසක් රන්වීර් මාධ්‍යය හමුවේ අපූරු දෙයක් සඳහන් කරනවා. මට අවුරුදු 15 දී මගේ කුමර බඹසර මට අහිමි වුණා. රන්වීර් මෙහෙම කියන්නේ මොකක් ගැනද කියලා ඔයාලා දන්නේ නැත්නම් හොයාගන්න වෙනවා. අපිටත් රන්වීර් කිව්ව ක්‍රමයට වඩා ඒ ගැන කියන්න වෙන හොඳ ක්‍රමයක් නැහැ. රන්බීර් කියන්නේ කාලයක් මත්ද්‍රව්‍ය වලට ද ඇබ්බැහිවෙලා හිටපු කෙනෙක්.

Bollywood Secret Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close