Daily News
Trending

‘බුදු අම්මෝ මගේ බෙල්ල…’ රූගත කිරීමක් අතරතුර හර්ෂණ බිම ඇද වැටෙයි.




ITN නාලිකාවෙන් විකාශය වන සූරිය වච්චසා කියන ටෙලි නාට්‍යය මේ දිනවල අතිෂය ජනප්‍රියයි. ශලනි, කාවිංග, පබෝදා, ජගත් චමිල, හේමසිරි ලියනගේ, ජයනි සේනානායක, ඩබ්ලිව් ජයසිරි, අංජුලා රාජපක්ෂ, හර්ෂණ බෙත්මගේ, වොල්ගා කල්පනී, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, රුවන් පෙරේරා ඇතුළු ජනප්‍රිය සහ ප්‍රවීණ නළු නිළි රැසක් මුණ ගැස්වූ මෙම නාට්‍යය දුක සතුට හාස්‍යය විනෝදය සපිරුණු නාට්‍යයක් බවත් කිව යුතුයි.

ඉතින් සූරිය වච්චසා රූගත කිරීම් අතර සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ගැන තමයි ඔයාලට දැන් අපි කියන්න හදන්නේ.

මේ නාට්‍යයේ රූගත කිරීම් අතර හර්ෂණ බෙත්මගේ ඔළුවෙන් හිට ගෙන රූගත කළ යුතු දර්ශනයක් තිබිලා තියෙනවා. ඉතිං ඒක තරමක් අමාරු දර්ශනයක් නිසා ටේක් එකේදී විතරක් ඔළුවෙන් හිට ගන්න කියලා අධ්‍යක්ෂකතුමා ගෙන් හර්ෂණට උපදෙස් ලැබිලත් තිබුණා.

හර්ෂණ පෙර පුහුණුවීම් වට කීපයකුත් කරලා කොන්ෆිඩන්ස් එක්ක වැඩේට ගියා. ඉතිං රෙඩී… සයිලන්ස්… ටේක් කියපු සැනින් ඔළුවෙන් හිට ගත්ත හර්ෂණ තත්පර ගාණක් ඇතුළත බුදුඅම්මෝ මගේ බෙල්ල කියාගෙන බිම වැටිලා.

මේක රඟපෑමේම කොටසක් නෙමෙයිනේ. ඉතින් වහාම ක්‍රියාත්මක වුණ සූරිය වව්චසා කණ්ඩායම ෂූටිං නතර කරලා හර්ෂණව දොස්තර කෙනෙක් ළඟට අරගෙන ගිහිල්ලත් තියෙනවා. දෙයියන්ගේ පිහිටෙන් හර්ෂණට ලොකු අමාරුවක් නම් නැහැ. මේ වගේ හදිසි අනතුරු වගේම සුන්දර සිදුවීම්ද සමඟ සූරිය වච්චසා රූගත කිරීම් සිදු වන බව තමයි අපට දැන ගන්න ලැබුණේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close