Daily News
Trending

පිරිසිදුවට ඉන්න. ගයත්‍රිගෙන් ඉල්ලීමක් – ගයත්‍රි ඩයස්




ගැහැනියකට ලස්සන කියන දේ කොයිතරම් වැදගත් ද? ගයත්‍රි කියන විධියට ඒ වටිනාකම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්ලු. හැම කෙනෙක්ටම උපතින්ම ලැබුණ රූපය සහ ලස්සන පවත්වාගෙන යෑම හරිම වැදගත්. ගයත්‍රි ඒ වෙනුවෙන් හුඟාක් මහන්සි ගන්නවාලු.

සති දෙකකට විතර සැරයක් ස්ක්‍රබ් එකක් කරන්න වගේම පෙඩික්‍යු එකක් සතියකට සැරයක්වත් කරන්නත් ගයත්‍රි පුරුදුවෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් ජිම් යන එකත් ගයත්‍රිගේ පුරුද්දක්. එහෙම බැරිවුණ දවසට ඇය දුවත් එක්ක ඇවිදින්න යනවලු.

ගයත්‍රිව මේ තරම් දුරක් ගෙන එන්න ඇයගේ රූපය වගේම හැකියාවත් 50-50 බලපෑවාලු.

ඉතිං සියලුම කාන්තාවගෙන් ගයත්‍රි කරන්නේ එකම එක ඉල්ලීමයි. ඒ පිරිසිදුවට ඉන්න කියන එක. පිරිසිදුකම ඇතුලාන්තයෙන් වගේම බාහිරිනුත් තියෙන්න ඕනේ.

අපි හැමෝටම ගමනක් තියෙනවා. ඉස්සරහට තැබූ පය පස්සට ගන්න නරකයි. මේ ගමනට අවශ්‍ය ආත්ම විශ්වාසය ඔබ තුලින්ම ගොඩනගා ගන්න. ගයත්‍රි ඇගේ අත්දැකීම් බෙදාගන්නේ ඒ විධියට.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close