Daily News
Trending

නිපුනි නටනකොට ගෙදර අය ලයිට් කපලා.- නිපුනි විල්සන් –




නුවර හිල්වුඩ් බාලිකාවේ ඉගෙන ගෙන ෆැෂන් කරන්න කොළඹ ඇවිත් මෝස්තර නිරූපිකාවක් වුණ නිපුනි දැන් කා අතරත් ජනප්‍රියයි. මොකද දැන් ඇය රංඟන ශිල්පිනියක් ද වන නිසා.

නර්තන ප්‍රසංඟයකදී නිපුනිට රංජන් රාමනායකව මුණගැහෙනවා. ඊට පස්සේ තමයි ඇයට රංජා ෆිල්ම් එකේ රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඊට පස්සේ ඇයට චිත්‍රපටයක ප්‍රධාන චරිත නිරූපනයට පවා අවකාශ සැලසෙනවා. ප්‍රියන්ත සමරකෝන් තමයි “දිරිය දෝනී” කියන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ.

කලා ලෝකයට නිපුනිගේ ආගමනය සම්බන්ධයෙන් ගෙදරින් නම් වැඩි කැමැත්තක් නැහැලු. කොයිතරම් විරුද්ධ වුණාද කියනවා නම් “සිටි ඔෆ් ඩාන්ස්” තරඟයට ඉදිරිපත් වෙනවට බයේ ඇය නටන වෙලාවට ගෙදර කරන්ට් එක පවා කැපුවාලු. මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අහලා තියෙන දේවල් නිසා නිපුනිගේ ගෙදර අය ඇයගේ ගමනට චුට්ටක්වත් කැමතිවෙලා නැහැ.

ඒත් ඇය සාර්ථකව සහ උනන්දුවෙන් ඒ ගමන යනවා දැක්කම නම් ගෙදර හැමෝම ඇයට හොඳ සහයෝගයක් ලබා දෙන්න පටන්ගත්තාලු.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close