Daily News
Trending

නිදහසේ පියා 12 වැනිදා සිට රිදී තිරයේ..




මෙරට නිෂ්පාදනය කළ අති දැවැන්ත සිනමා අත්දැකීමක් වන නිදහසේ පියා, සිනමා කෘතිය ජනතාවට භාර කරමින් එහි මංගල දිගහැරුම 12 වැනිදාට සිදුවෙයි.

සාමාන්‍යයෙන් සිනමා පටයකට අදාල මංගල දර්ශනය සිදුවන්නේ අග නගරය කේන්ද්‍ර කරගෙනය. නමුත් ඓතිහාසික චරිතාපදානයක් වූ මහා මාන්‍ය ඩී.එස් සේනානායකයන්ගේ ජීවිත කතාව අලලා සැකසුන මෙම සිනමා කෘතියෙහි මංගල දර්ශන දෙකක් පැවැත්වීමට නියමිතය.

උතුර දකුණ යා කරමින් සැබෑ සහජීවනය උදා කළ මානව හිතවාදී ජනතා නායකයකුගේ චරිතාපදානයක් නිසා එහි මංගල දැක්ම යාපනය ජනතාවගේ ද අයිතියකි.

මේ නිසා කොළඹ සහ යාපනය යන නගර ද්විත්වයෙහිම නිදහසේ පියා මංගල දර්ශන තිරගත කරන්නට සංවිධායකයින් සූදානමින් සිටිති. ඒ අනුව මෙහි සිංහල පිටපතක්සේම දමිළ පිටපතක් ද වෙයි.

මෙලෙස ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන්ම තිරගත වන්නේ පළමු වතාවටය.

ශ්‍රී ලංකාවේ පළමු දේශපාලන චරිතාපදාන සිනමා කෘතිය ලෙසත් වැඩි දෙනාගේ අවදානය දිනා සිටින මෙහි අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග ලොකුහේවාගේය. මෙරට නිදහස් සටනේ පුරෝගාමී චරිත රැසක් නිදහසේ පියා කෘතිය සමග සම්බන්ධ කර ඇති නිසා මෙය ඓතිහාසික වටිනාකමක් ඇති සිනමා කෘතියක් ද වෙයි.

Tags
Show More
Close