Daily News
Trending

දිනක්ෂි බෑග් උස්සන්නේ ශේෂාද්‍රිගෙන්ලු…




අක්කලා නංගිලා ඉන්න පවුල් වල රණ්ඩු වෙන එක සාමාන්‍යය දෙයක්. අන්න ඒ වගේම සාමන්‍යය දෙයක් තමයි මේ අක්කලා නංගිලා ඉන්නකොට ඇඳුම්, සෙරෙප්පු, කරාබු, මාල, බෑග් වගේ දේවල් හුවමාරු කර ගන්න එක. තවත් වෙලාවකට හොරෙන් ගන්නත් පුළුවන් ඉතින් දෙන්න අකමැති වෙනකොට.

ප්‍රියසාද් පවුල කියන්නේ ගෑනු ළමයි තුන් දෙනෙක්ම ඉන්න පවුලක්. ඉතින් අර මුලින් කියපු කතාව මේ අයටත් අදාළයි. ඒ කතාව මේ අයට වැඩිපුරම බලපාන්නේ මේ තුන්දෙනාම ජනප්‍රිය නිසා. දිනක්ෂි මේ හුවමාරුව ගැන කතා කරලා තිබුණා පසුගිය දවසක. දිනක්ෂි ඒ තරම් බෑග් එකතු කරන කෙනෙක් නෙමෙයිලු. හැම ඇඳුමකටම දාන්න පුළුවන් විදියේ පාටවල් වලින් බෑග් කිහිපයක්ලු එයාට තියෙන්නේ.

දිනක්ෂි එහෙම වුනත් එයාලගේ පවුලේ ඉන්නවලු ලස්සන බෑග් කලෙක්ශන් එකක් තියෙන කෙනෙක්. හරිම ලස්සන බෑග් එයා ලඟ තියෙනවලු. ඒ වගේම දූවිලි වැදෙන්නේ නැති වෙන්න පොලිතින් කවර වල දාලලු එයා මේ බෑග් පරිස්සම් කරන්නේ. ඉතින් සමහර වෙලාවට දිනක්ෂි බෑග් උස්සන්නේ එයාගෙන්ලු. කවුද දන්නවද මේ පවුලේ ලස්සන බෑග් එකතු කරන කෙනා.
ඒ තමයි දිනක්ෂිගේ ලොකු නංගි ශේෂාද්‍රි. හදිසියකදී ඕනම ඇඳුමකට ගැළපෙන බෑග් එකක් එයා ලඟ තියෙනවා කියලා තමයි දිනක්ෂි කියලා තිබුණේ.

Tags
Show More
Close