Daily News
Trending

චාමර පර්පල් රේන්ජ් හැර යයි.




ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මෙච්චර කාලයක් වැඩ කළේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම එක්කනේ. ඒත් කණ්ඩායම ඇතුලේ යම් යම් අකටයුතුකම් දිගින් දිගටම සිදුවීම නිසා චාමර පර්පල් රේන්ජ් හැරයාමට තීරණය කරනවා. ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් පිටුවට පහත සටහන එකතු කර තිබුණා.

” මුලින්ම මම මතක් කරන්න කැමතියි සේනක අයිය ඇතුළු පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ආරම්භයේ සිට මේ දක්වා සිටි සියලුම ශිල්පීන් මට මෙතෙක් දුර එන්නට ශක්තියක් වුණා කියන එක.
නායකකමට එහා ගිය නිහතමානී සහෝදරකම සේනක අයියා තුළ මම හැමදාම දැක්ක නිසයි සමහර අවස්ථාවල හිත් රිදීම් ඇති වුණත් කණ්ඩායම සමඟ ඉදිරියට ආවේ. ඒත් එක දිගට සිද්ධවන යම් යම් සිදුවීම් නිසයි මම මේ තීරණය ගන්න සූදානම් වුණේ.
ඇතැම් ප්‍රසංග සඳහා මම දැනුවත් නොකරම මගේ ජායාරූපය යොදා ප්‍රාසංග පවත්වද්දී මා බලාපොරොත්තුව පැමිණෙන රසිකයින් මම ඒ ප්‍රසංගයට නොපැමිණීම හේතුවෙන් මට දුරකථන ඇමතුම් ලබා දී

“චාමර ඇයි ශෝවලට පොලු තියෙන්නේ”
චාමර කැත වැඩ කරන්න එපා”

මේ වගේ ගොඩක් දේවල් මට අහන්නට වුණා. ඒත් ඒ දේවල් ඉවසගෙන මම දැනුවත් කළ ප්‍රසංග සඳහා පමණක් පර්පල් රේන්ජ් සමඟ මම ගීත ගායනා කළා. ඒ අවස්ථාවලදී ඒ වරද මා පිටට පැටවෙන්නේ මා දැනුවත් නොකර මගේ පින්තූර යොදා ප්‍රසංගය පැවැත්වූ වග රසිකයන් නොදන්න නිසයි.
ඒ වගේම කියන්න ඕන, යම් යම් හේතු සාධක නිසා පර්පල් රේන්ජ් තුළින් ඉවත්ව ගිය කිසිවකු නිසා මා මේ තීරණය නොගත් බවත්.

මින්පසු මා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියකු ලෙස කටයුතු නොකරන බවත් සංවිධායක මණ්ඩල විසින් ලැබෙන ආරාධනා මත පදනම්ව පමණක් පර්පල් රේන්ජ් සමඟ ගීත ගායනා කරන බවත් ආදරණීය රසික ඔබ සැම දැනුවත් කරන්න කැමතියි. හිත් රිදීමක් වුණා නම් හැමෝගෙන්ම හිස නමා සමාව ඉල්ලනවා. තෙරුවන් සරණයි! ”

Tags
Show More
Close