Daily News
Trending

කොළඹ කියන්නේ මට වෙනම රටක්.- මැණිකේ අත්තනායක




කලාශූරී සම්මානයෙන් පිදුම් ලබන තරමට කලාව වෙනුවෙන් බොහෝ දේ කළ මැණිකේ අත්තනායක මහත්මිය අදත් සිය ආරම්භය සිහි කරන්නේ නිහතමානීවයි.

ඇල්පිටියේ සිට කොළඹට පැමිණි මැණිකේට කොළඹ දැනී තිබුණේ වෙනම රටක් ලෙසටය.

ඇය මේ කලාවට අවතීර්ණ වන්නේ දෛවයේ හාස්කමකින්ම නොවේ. පාසල් කාලයේ ඇය පෙන්වූ දක්ෂතා නිසා ඇයව බොහෝ දෙනෙක් එකල හොඳින් හඳුනති. ඉතින් ප්‍රසිද්ධ කලාවට ඇයව අවතීර්ණ විය යුතු බව එදවස බොහෝ අයගේ අදහස වී ඇත. නමුත් ඊට අවශ්‍ය පසුබිම සකස් කරන්නේ ධම්ම ජාගොඩයන්ය. ඔහුගේ ලයනල් වෙන්ට් රංඟ ශිල්ප ශාලිකාවට ශිෂ්‍යාවක ලෙස බැඳුණු මැණිකේ ඉනික්බිති රටක් ආදරය කරන කලාකාරිනියක වූවාය.

අද දවසේ වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර තුනටම ඇය නැතිවම බැරි චරිතයකි.

ඇල්පිටියෙන් කොළඹට ආ මැණිකේ අත්තනායක මහත්මිය ගමෙන් ගෙනා සුන්දර අව්‍යාජත්වයද රැක ගනිමින් මේ ගෙන්දගම් පොළොවේ පය ගසා සිටින්නීය. එනිසා තවමත් ඈ ඇල්පිටියෙන් ආ මැණිකේම බව කිව යුතුය.

Tags
Show More
Close