GossipsHollywood & Bollywood
Trending

ක්‍රිෂ්ණා කපූර්ගේ වියෝව නිසා බොලිවුඩය දුකෙන්.




ක්‍රිෂ්ණා කපූර් කියන්නේ රාජ් කපූර්ගේ ප්‍රිය බිරිය. රාජ් කපූර් කියන්නේ භාරත සිනමාව ලස්සන කරපු සුන්දරම රූපයක්. නළුවෙක්, නිෂ්පාදකයෙක් වගේම ඔහු අධ්‍යක්ෂකවරයෙක්.

කපූර් පවුල කියන්නේ බොලිවුඩ් සිනමාව පුරා විහිදුණ රූස්ස ගහක්. ක්‍රිෂ්ණා කපූර් කියන්නේ මේ රූස්ස ගහ පෝෂණය කළ අම්මා. රාජ් කපූර් නම් වූ සාර්ථක මිනිසා පිටුපස සිටි යෝධ සෙවණැල්ල වුණෙත් ඇය.

පසුගිය පළමු වැනිදා 87 වැනි වියට පා තබා සිටි ක්‍රිෂ්ණා කපූර් සිය අවසන් හුස්ම හෙලුවා. රන්ධීර් කපූර්, රිශී කපූර්, රිතූ කපූර්, රජීව් කපූර්, රිමා කපූර් යන දරුවන්ට ආදරණීය අම්මා වූ ක්‍රිෂ්ණා කපූර් බොලිවුඩ් සිනමාවේ දිදුලන මුනුබුරු මිනිබිරි පරම්පරාවකට ද දයාබර අත්තම්මා කෙනෙක් වුණා.

කරීනා කපූර් සහ කරිෂ්මා කපූර් කියන්නේ ක්‍රිෂ්ණා කපූර්ගේ මිනිබිරියන්. ඒ කියන්නේ රන්ධීර් කපූර්ගේ දූලා දෙන්නා. මේ හැමෝම බොලිවුඩ් සිනමාව පෝෂණය කරන්න සුවිශාල දායකත්වයක් ලබා දුන් බවත් කියන්න ඕනේ.

තම මිත්තණියගේ වියෝවෙන් පස්සේ කරීනා ඉතාම වටිනා ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරනවා. ඒ ඡායාරූපයට පෙනී සිටියේ ක්‍රිෂ්ණා කපූර් සහ ඇගේ මුණුබුරු මිනිබිරියන්ගේ ළමයි. පරම්පරා දෙකක් ඇස් දෙකෙන් දකින්න ක්‍රිෂ්ණා කපූර් වාසනාවන්ත වෙනවා.

කපූර් පරම්පරාවේ යෝධ සෙවණැල්ල මේ ලෙසින් මැකී ගියත් කපූර් පරම්පරාවේ ලේ බොලිවුඩයේ සෑම අස්සක් මුල්ලකම ගමන් කර අවසන්. ඒ පරම්පරාවට ජීවය දුන් ඇයට සුබ ගමන් කියා ප්‍රාර්ථනා කරන්න අපි අමතක කරන්නේ නැහැ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close