Daily News
Trending

අවසන් ගමන් යනකල්ම ෆැෂන් කරනවා.-උදාරි පෙරේරා

Udari Perera




Udari Perera’s Fashions Exclusive from Starfiends.lk

ෆැෂන් කියන්නේ නවීන ලෝකයේ අපි කාටත් නැතිවම බැරි දෙයක්. අපි හැමෝම ෆැෂන් කරන්නේ අපේ පෞරුෂය වර්ධනය කර ගන්න. ඒ වගේම අපි කවුරුද කියලා පෙන්වන්නත් ෆැෂන් උපකාරී වෙනවා. හැම ගෑනු කෙනෙක්ම වැඩිවිය පත් වූ දවසේ ඉඳලා අවසන් ගමන යනකල්ම ෆැෂන් කරනවා.
මෙහෙම කියන්නේ ඔයාලා ගොඩක් ආදරය කරන රංශන ශිල්පිනියක්. ඇය තමයි උදාරි පෙරේරා (Udari Perera). උදාරි දැන් මවක්. ඒ නිසා ඇය ආවාට ගියාට ෆැෂන් කරන්නේ නැහැ. දරුවන්ගේ ගරුත්වයට හානියක් නොවන ආකාරයට සිරුර බොහෝ සෙයින් නිරාවරණය නොවන ආකාරයේ ෆැෂන් තමයි ඒ නිසා උදාරි තෝරා ගන්නේ.

අපි සහභාගී වන අවස්ථාව, අපි සහභාගීවන අවස්ථාවට සහභාගීවන පිරිස, ආදී හැම දෙයක්ම බුද්ධියෙන් අවබෝධ කරගෙන තමයි අපේ ඇඳුම් පැළඳුම් තෝරාගන්න වෙන්නේ. පෞද්ගලික වාහනයක ගමන් බිමන් යන්න අපහසුයි නම් සමහර ෆැෂන්වලින් අපට මිදෙන්න සිදුවෙනවා. උදාරි මෙහෙම කියන්නේ අම්මා කෙනෙක් හැටියට ඇයට තිබෙන ඒක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒ වගේම ෆැෂන් කියන දේවල් හරි ඉක්මනට වෙනස් වෙනවා. උදාරි තනිකඩ කාලේ කරපු ෆැෂන් නෙමෙයි විවාහ වුණාට පස්සේ කරන්නේ. මවක් වුණාට පස්සේ උදාරිගේ විලාසිතා තවත් වෙනස් වෙනවා.

උදාරි ගො‍ඩක්ම කැමැති කළු සහ දුඹුරු වර්ණයට. ඒ වගේම ඇය වැඩිපුරම පළඳින්නේ රත්‍රං සහ සුදු රත්‍රං වලින් කරපු ජුවලරි. නිතර සැලෝන් යන එකත් උදාරිගේ පුරුද්දක්. උදාරි ගේ කැමැතිම ඇඳුම සාරිය කියලත් ඇය කියනවා. හැබැයි සාමාන්‍ය ගමනකදී නම් ඇය ට්‍රවුසර් එකට බ්ලවුස් එක හරි ගවුමක් හරි අඳිනවාලු.

ආසියාතිකයින් ගොඩක් වෙලාවට කන්න ආසා කරන්නේ බත්. මේ නිසා ඉතිං ජිම් යන්නේ නැතිව ඇඟේ හැඩය පවත්වාගන්න අමාරුයි. ඒ නිසා උදාරිත් ජිම් යනවා. ව්‍යායාම කරනවා. ඒක ශරීර සෞඛ්‍යයටත් හොඳයි කියලා ඇය කියනවා.

Udari Perera’s Fashions Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close