Daily News
Trending

අම්මලාට කතා හදන්න එපා, පව් පිරෙයි. -ශනුද්‍රි ප්‍රියසාද්

Shanudrie Priyasad




Shanudrie Priyasad Exclusive from Starfiends.lk

මෙහෙම කියන්නේ ශනුද්‍රි ප්‍රියසාද් (Shanudrie Priyasad). සාමාන්‍යයෙන් දරුවන් සම්බන්ධයෙන් සමාජ අපවාද මෙන්ම සමාජ ප්‍රශංසාද අහන්න ලැබෙන්නේ දෙමව්පියන්ට. වැදූ අම්මාටත් අහසටත් නිවනක් නැහැ කියලා කතාවක් තියෙනවානේ. ශනුද්‍රිගේ අම්මා නම් ඒ තරම් අවාසනාවන්ත මවක් නෙමෙයි. ඇය ඉතාම සුන්දර සහ ගුණයහපත් දියණියන් තුන්දෙනෙක් ලෝකයට දායාද කරපු ආදරණීය මවක්.

දෙවෙනි ඉනිම නාට්‍යයේ හදිසි වෙන්වීමෙන් පසු නිර්මාණ කාර්යයකින් දකින්න නොලැබුණත් ශනුද්‍රි නිතර නිතර සමාජ ජාල මාධ්‍යයේ පෙනෙන්න ඉන්නවා. ඉන්සටර්ග්‍රෑම් ස්ටේටස් පළ කරනවා. රසික ජනතාව අතරට සමීප වෙනවා. ප්‍රසංග වලට සහභාගී වෙනවා. මේ නිසා ඇයට තිබෙන රසික ආකර්ශනයේ අඩුවක් නැහැ. ගීත ගායනයට ද සමත්කම් දක්වන ශනූ ළඟදීම ගීත දෙකක් එළිදැක්වීමට ද සූදානම් වන බව අපට දැනගන්න ලැබුණා.
තමන්ගේ ඉන්සටර්ග්‍රෑම් ගිණුමෙන් පහුගිය දවසක ශනුද්‍රි අපූරු පණිවුඩයක් දීලා තිබුණා. ඒ තමන්ගේ අම්මා වගේම සුවහසක් අම්මාවරුන්ගේ ගෞරවය අගය කරමින්.

“අම්මාට තිබුණේ අපි ගැන ලොකු ඉවක්
හැරෙනකොටම මේකටයි කියලා කීවා නොවරදින සාත්තරයක්
කොච්චර ලොකු වුණත් වෙලා මගේ ජීවිතයට හෙවණැල්ලක්
අම්මා නම් ඇත්තමයි අදටත් පුදුම හාස්කමක්”

මෙන්න මේ සංවේදී පෝස්ට් එක ශෙයාර් කරන ශනූ ඊට පස්සේ මෙහෙමත් සටහන් කරනවා.

“අම්මාගේ තැන කාටවත් ගන්න බැහැ. ඒ නිසා කාගෙවත් අම්මා කෙනෙක්ට කතා හදන්න එපා. පව් පිරෙයි”.

ලස්සන ගෑනු ළමයින්ම තුන්දෙනෙක් ලොකු මහත් කරනවා කියන්නේ අම්මා කෙනෙක්ට මොන තරම් වගකීමක් ද? ශනූ පවුලේ බාලයා නිසා අම්මාගේ ආදරය වැඩිපුරත් එක්ක විඳිනවා ඇති. කොහොම වුණත් අම්මලා ගැන ශනූ කියන කතාව කොයි අම්මලාටත් අදාල නිසා අපි ඒ අදහස ඔයාලා එක්ක බෙදාගන්න අදහස් කළා.

Shanudrie Priyasad
Shanudrie Priyasad
Shanudrie Priyasad
Shanudrie Priyasad
Shanudrie Priyasad
Shanudrie Priyasad

Shanudrie Priyasad Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close