GossipsHollywood & Bollywood
Trending

2018 වසරේ බොලිවුඩ් හොල්ලපු චිත්‍රපට. Exclusive Photos

Top 10 Highest Grossing Bollywood Movies Of 2018




Top 10 Highest Grossing Bollywood Movies Of 2018 Exclusive from Starfiends.lk

බොලිවුඩ් සිනමා කර්මාන්තය ඇතුලේ තියෙන්නේ පුදුමාකාර තරඟයක්. වසරකදී බොලිවුඩයේ දැවැන්ත සිනමා නිර්මාණ බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඉතින් එහෙම නිර්මාණය වූ සිනමා කෘති අතරින් බොක්ස් ඔෆිස් වාර්තා තැබූ සිනමා කෘති දහය සම්බන්ධයෙන් අපි හොයලා බැලුවා. මේ තියෙන්නේ ඒ විස්තර.

1- සංජු (Sanju)

2018 වසරේ අති සාර්ථකම සිනමා නිර්මාණය ලෙස බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේ සංජය දත්ගේ (Sanjay Datt) ජීවිත කතාව අලලා සැකසුණ “සංජු” චිත්‍රපටය. මෙහි සංජය දත්ගේ චරිතය රඟපාන්නේ රන්ධීර් කපූර් (Ranbeer Kapoor). රාජ් කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ සංජු චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝටි සියයක නිෂ්පාදන වියදමක් දරනවා. නමුත් මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 585ක ආදායමක් උපයන්න සමත් වෙනවා. පරේෂ් රාවල්, විකී කෞෂාල්, මනීෂා කොයිරාල, අනුෂ්කා ශර්මා යන අය මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

2- පද්මාවතී (Padmavati)

තිරගත වීමට පෙර සිටම අතිශය ආන්දෝලනාත්මක වූ පද්මාවතී සිනමා කෘතිය බොක්ස් ඔෆිස් වාර්තා අතර දෙවැනි තැනට එනවා. සුපිරි තාරකා යුගලට වන දීපිකා පදුකෝන් (Deepika Padukone) සහ රන්වීර් සිංග් (Ranveer Singh) මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනවා. ඒ වගේම ෂාහිද් කපූර් ද (Shahid Kapoor) මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. සංජය ලීලා බන්සාලි (Sanjay Leela Bhansali) අධ්‍යක්ෂණය කරන පද්මාවතී නිෂ්පාදනය සඳහා ඉන්දීය රුපියල් කෝටි 190ක් වැයවෙනවා. නමුත් මේ සිනමා කෘතිය ඉන්දියානු රුපියල් කෝටි 560ක් උපයාගන්න සමත් වෙනවා.

3- රේස් 3 (Race 3)

සුප්‍රකට රේස් චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය වන රේස් 3 අති සාර්ථක ලෙස මෙම වසරේ දී තිරගත වුණා. රේ මෝ ද සූසා අධ්‍යක්ෂණය කළ රේස් 3 සඳහා ඉන්දීය රුපියල් කෝටි 150ක වියදමක් දරනවා. සල්මන් ඛාන් (Salman Khan), අනිල් කපූර් (Anil Kapoor), බොබී ඩියෝල් (Bobby Deol), ජැකොලින් ෆර්ඩිනෑන්ඩස් (Jacqueline Fernandez) යන අය මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. රේස් ඉපැයූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 302ක්.

4- බාගී 02 (Baaghi 2)

බොලිවුඩයේ නැගී එන සුපිරි වීරයා වන්නේ ටයිගර් ෂෙරෝෆ් (Tiger Shroff). ඔහු රඟපෑ බාගී 2 කියන්නේ තරමක වෙනස් කතා තේමාවක් රැගත් සිනමා නිර්මාණයක්. තමන්ගේ පැරණි පෙම්වතිය සහ දියණියගේ අතුරුදන් වීම හඹායන තරුණයකුගේ චරිතයක් බාගී ඔස්සේ ටයිගර්ට භාර වෙනවා. මෙම සිනමා පටයෙහි ටයිගර්ගේ වර්තමාන පෙම්වතියට රඟපාන්නේ දීෂා පටානි. බාගී 2 , අධ්‍යක්ෂණය අහමඩ් ඛාන් ගේ. මේ සඳහා ඉන්දීය රුපියල් කෝටි 65ක වියදමක් දරන අතරේ ඉන්දීය රුපියල් කෝටි 251ක ආදායමක් උපයන්න භාගී 2 සමත් වෙනවා.

5- බදායි හෝ (Badhaai Ho)

අමිත් රවින්ද්‍රනාත් ශර්මා අධ්‍යක්ෂණය කළ “බදායි හෝ” චිත්‍රපටය අමුතුම කතා තේමාවක් රැගත් සිනමා කෘතියක්. තමන්ගේ මව ගැබිණියක බව දැනගන්නා තරුණ පුතෙකු ජීවිතයට මුහුණ දෙන ආකාරය මෙහි විස්තර වනවා. මේ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 30ක වියදමක් දරන්න සිදුවන අතර ඉන්දියානු රුපියල් කෝටි 208ක් උපයන්නට ද සමත් වෙනවා.අයුස්මන්ත්, සනායා, ටීනා ගුප්තා මෙහි ප්‍රධාන චරිත නිරූපණයඅ කරනවා.

6- රාසි (Raazi)

ආලියා බාත් ප්‍රධාන චරිත රඟපෑ රාසි අධ්‍යක්ෂණය කරන්නේ මේග්නා ගුල්සාරි. ඉන්දු – පකිස්ථාන යුද්ධය අලලා සැකසුණ රාසි සඳහා ආලියා (Alia Batt) සමඟ විකී කෞෂාල් (Vicky Kaushal) ප්‍රධාන චරිත නිරූපණයෙන් සම්බන්ධ වෙනවා. ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි තිහක වියදමක් දරන්න සිදුව ඇති අතර රාසි ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 193ක්.

7- ස්ට්‍රී (Stree)

ඉන්දීය විසේකාර නළු රාජ් කුමාර් රා ඕ ( Rajkummar Rao) සමඟ ශද්ධා කපූර් (Shradda kapoor) පෙමින් වෙලුණු ස්ට්‍රී චිත්‍රපටය පුරාවෘත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. ඒ නලීබා පුරාවෘතයයි. අමර් කෞෂික් අධ්‍යක්ෂණය කළ මෙහි වියදම ඉන්දීය රුපියල් කෝටි විස්සක් වූ අතර ආදායම ඉන්දීය රුපියල් කෝටි 186කි.

8- රයිඩ් (Raid)

ඉන්දියානු රුපියල් කෝටි 35ක වියදමකින් තැනූ රයිඩ් සිනමා කෘතිය අධ්‍යක්ෂණය කරන්නේ රාජ් කුමාර් ගුප්තා. ඉන්දියානු බදු නිලධාරියකු වටා ගෙතුන මෙහි සුරබි ෂුක්ලා සහ ඉලියානා ඩි කෲස් රඟපානවා.

9- සෝනු කේ ටිටූ කී ස්වීටි (Sonu Ke Titu Ki Sweety)

ලව් රංජන් නමැති නවක අධ්‍යක්ෂවරයාගේ මෙම සිනමා කෘතිය සරල කතා තේමාවක් රැගත් එකක්. කාර්තික් ආර්‍යන් සහ නුෂ්රාන්, යන අය මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඒ වගේම මෙය ආදරය සෙනෙහස පිරි සිනමා කෘතියක් බවත් කිව යුතුයි. මේ සඳහා ඉන්දීය රුපියල් කෝටි 15ක වියදමක් දරන අතර ඉන්දීය රුපියල් කෝටි 148ක ආදායමක් උපයනවා.

10- වීර් දි වෙඩින් (Veer Di Wedding)

බොක්ස් ඔෆිස් වාර්තා අතර දසවන ස්ථානය හිමි වන්නේ වීර් දි වෙඩින් සිනමා කෘතියට. ශෂංකා ගෝෂ් අධ්‍යක්ෂණය කළ මේ සඳහා ඉන්දීය රුපියල් කෝටි 30ක් වියදම් කරනවා. ඒ වගේම මේ සිනමා කෘතිය ඉන්දීය රුපියල් කෝටි 124ක ආදායමක් උපයන්න සමත් වෙනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කරීනා කපූර් සෝනම් කපූර්, ශිඛා සහ ස්වරා. තමන්ට ගැලපෙන සහකරුවකු සොයා යන අපූරු යෙහෙළියන් සිව් දෙනකු ගැන මෙහි සඳහන් වනවා.

Top 10 Highest Grossing Bollywood Movies Of 2018 Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close