GossipsHollywood & Bollywood
Trending

Thugs Of Hindostan ට තග්ස්ලාගෙන් හිරිහැර.




මේ දවස්වල ඉන්දියාවේ තිරගතවන අලුත්ම මූවි එක තමයි තග්ස් ඔෆ් හින්දුස්ථාන් කියන්නේ. විජේ ක්‍රිෂ්ණා තමයි මේ මූවි එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මිනිත්තු 164ක් තිස්සේ ධාවනය වන ත්‍රාසය භීතිය, අභිමානය, කැටි වුණ ඓතිහාසික කතා තේමවක් තග්ස් ඔෆ් හින්දුස්ථාන් මූවි එකට පදනම සකසනවා.

ඉතින් මේ මූවි එකට බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් භච්චන්, අමීර් ඛාන් සමඟ කත්‍රිනා කයිෆ් රංඟනයෙන් සම්බන්ධවෙලා තියෙනවා.

බ්‍රිතාන්‍ය පාලන සමයට එරෙහිව නැඟී සිටි ඉන්දීය පුරෝගාමී චරිත සහ ඒ ජයග්‍රාහී ඉතිහාසය තග්ස් ඔෆ් හින්දුස්ථාන් මඟින් නිරූපනය වෙනවා. මේ නිර්මාණය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න ඕනේ නම් ඔයාලට මේ මූවි එකේ ට්‍රේලර් එක යූටියුබ් ඔස්සේ බලන්න පුළුවන්. ඇත්තටම ඒ අති දැවැන්ත සිනමා අත්දැකීමක්.

ඉතින් ඒකත් නෙමෙයිනේ කියන්න ඕනේ. තග්ස් ඔෆ් හින්දුස්ථාන් මූවි එකට පූනේවල තග්ස්ලා සෙට් එකක් විරෝධය දක්වලාලු. ඉතින් මූවි එක පෙන්නන එකත් කැන්සල් කරලා. ඒ වෙලාවේ ප්‍රේක්ෂාගාරය නොසන්සුන් වෙලා ලොකු ගාලගෝට්ටියක් ඇති වෙලාලු.

මේ තරම් ආන්දෝලනයක් ඇති කරපු තග්ස් ඔෆ් හින්දුස්ථාන් මූවි එක ලංකාවේ ප්‍රේක්ෂකයින්ටත් නරඹන්න අවස්ථාව උදාවේවි. නොවැම්බර් 02 වැනිදා ඉඳලා තමයි මේ මූවි එක ඉන්දියාවේ තිරගත වන්න පටන්ගෙන තියෙන්නේ.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close