Friday, 04 December 2015 15:16

ලංකාවේ අමීර්ඛාන් තමයි පුබුදු චතුරංග.

සාරංග ලලිනාද දිසාසේකර එක්ක කරපු සාකච්ඡාවේ අපූරු උත්තරවලින් පිරුන පළවෙනි කොටස මේවෙනකොටත් ඔබ කියවලා ඇති. අද අපි ඔබට ඉදිරිපත් කරන්නෙ ඒ සාකච්ඡාවේ දෙවනි කොටස.

 

1. විවාහය කියන සංකල්පය සාරංග අර්ථකථනය කරන්නෙ කොහොමද?

විශ්වාසය, ආදරය, පරිත්‍යාගය මත පදනම් වුන දෙයක්.

 

2. විවාහය කියන එකේ අර්ථකථනය ඒ නම් මේවෙනකොට සාරංග මොනාද පරිත්‍යාග කරලා තියෙන්නෙ.

තාමත් මම බැඳලා අවුරුද්දයිනෙ. තාම මහා ලොකුවට පරිත්‍යාගයක් කරන්න අවස්ථාවක් ආවෙ නෑ.

 

3. කවදා හරි දවසක සාරංග තාත්තා කෙනෙක් වෙන්න යනවයි කියන දේ සරංගගේ බිරිඳ මොන විදිහට සාරංගට කියනවනම්ද කැමති.

වහෙං ඔරෝ විදිහට කියනවනම් තමයි හොඳ. එයාට හොඳයි කියලා හිතෙන නිර්මාණාත්මක විදිහකට ඒක එයා මට කියනවනම් මම සතුටුයි.

 

4. උපේක්ෂා ස්වර්ණමාලි සාරංගගෙන් ඇහුවොත් ආයිත් පාර්ලිමේන්තු යන්න මට උදව් කරනවද කියලා සාරංග උපේක්ෂට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද ?

ඇය අනාගතේදි දේශපාලනය ගැන හදාරලා ඒ ගැන අත්දැකීම් එක්ක දේශපාලනයට ආවොත් මම ඇයට උදව් කරනවා. ඒත් දැනට නම් මම ඇයට උදව් කරන්නෙ නෑ.

 

5. සාරංග කෙල්ලෙක්ට කැමති නම්, ඒ කැමැත්ත ඒ කෙල්ලට පෙන්නන්නෙ කොහොමද ?

ඒ කෙල්ල දිහා දිගටම මම බලාගෙන ඉන්නවා

 

6. ඒත් ඒ කෙල්ලට තේරෙන්නෙ නැත්නම් ?

එහෙම වෙන්නෙ නෑ. මම බලන විදිහට එයාට ඒක තේරෙන්න ඕනෙ.

 

7. කෙල්ලෙක් දිහා එහෙම බලලා තියනවද ?

ඔව්. එහෙම බලලා තමයි මේ කසාදබැන්දෙ.

 

8. බිපාෂා බාසු, කට්‍රිකා කයිෆ්, යුරේනි නොෂිකා, ජැක්ලීන්, උපේක්ෂා, ආක්ෂා කියන අයව සරාගීත්වය අනුව පෙළගස්වන්න.

1 කට්‍රිකා කයිෆ්

2 ජැක්ලීන්

3 යුරේනි නොෂිකා

4 උපේක්ෂා ස්වර්ණමාලි

5 ආක්ෂා සුධාරි

6 බිපාෂා බාසු

 

9. සුපර් සික්ස්, ප්‍රවේගය, ආකාස කුසුම, පුරහඳ කළුවර, ඉරමැදියම, ගාමනී කියන සිනමා නිර්මාණ විශිෂ්ටත්වය අනුව පෙළගස්වන්න

1. පුරහඳ කළුවර

2. ඉරමැදියම

3. ආකාස කුසුම

4. ප්‍රවේගය

5. ගාමනී

6. සුපර් සික්ස්

 

10.  මේ අය ගැන හිතෙන දේවල් තනි වාඛ්‍යයෙන් කියන්න

පුබුදු චතුරංග : ලංකාවේ අමීර්ඛාන්

ආක්ෂා සුධාරි : මගේ උපන්දිනය දවසෙම ඉපදුන කෙල්ලෙක් 

අනර්කලී අකර්ෂා : ආදේශකයක් නැති චරිතයක්

යුරේනි නොෂිකා : අනර්කලීගේ ළඟම ආදේශකය

බිපාෂා බාසු : රංගනයට එනතරම් දක්ෂ නැති සුරූපී නිළියක්

රිතූ ආකර්ෂා : තාමත් මා සමග රඟනොපෑ නිළියක්

වේලුපිල්ලේ ප්‍රභාකරන් : කිසි දිනෙක් මා සමග රඟනොපෑ නළුවෙන්

 

11. දැනට ලංකාවේ බිහිවුන විශිෂ්ටම සිනමා අධ්‍යක්ෂවරයා

ආචාර්ය ලෙස්ටර්‍ ජේම්ස් පීරිස්

 

12. දැනට ලෝකෙ බිහිවෙලා තියන විශිෂ්ටතම කලා නිර්මාණය

සිඩ්නි ඔපෙරා හවුස් එක

 

13. දැනට ලංකාවේ බිහිවෙලා තියන විශිෂ්ටතම කලා නිර්මාණය

සීගිරිය

 

14. හෙට ලෝකෙ විනාසෙ වෙනවනම් අනිවාර්යෙන්ම කරන දේවල් 3 මොකද්ද?

1 -  යාළුවෝ හැමෝටම call කරනවා.

2 -  අම්මට මම කියනවා මම මොනතරම් අම්මට ආදරෙයිද කියලා. ඒ වගේම වරදක් වුනා නම් සමාවෙන්න කියනවා.

3 -  ලෝකෙ විනාසෙ වෙනකම් පුළුවන් තරම් වෙලා මගේ බිරිඳව බදාගෙන ඉන්නවා.

 

15.  ලංකාවේ නිළියන්ව විවාහ කරගන්න තරුණයන්ට දෙන උපදේශය මොකද්ද ?

ඒ අයගේ වෘත්තිය ගැන තේරුම් අරගෙන විවාහ වෙන්න කියන උපදේශය දෙනවා.

 

More Article