Friday, 27 November 2015 10:30

කාන්තාවකට බොක්කෙන්ම ආදරය කරන්න ඕනෙ.

අහිංසක පෙම්වතාගේ ඉඳලා මැර දේශපාලඥයා දක්වා තියන ඕනම චරිතයක් අති විශිෂ්ට විදිහට කරන්න සාරංග ලලිනාදට පුළුවන්. ඉතිං, තමන්ගේ කලා කටයුතු අවසන් වෙලා නිවසට ඇවිලා හිටපු රාත්‍රී ජාමේ, සාරංග ලලිනාද දිසාසේකර එක්ක අපි පොඩි කතාබහක් කළා. මේ තියෙන්නෙ ඒ සාකච්ඡාවේ පළවෙනි කොටස.

 

1. සම්පූර්ණ නම : සාරංග ලලිනාද දිසාසේකර

 

2. මොකද්ද නමේ තේරුම?

තාත්තා සංගීතයට සම්බන්ධ නිසා මගේ නම දාලා තියෙන්නේ සාරංගිය කියන තත් භාණ්ඩයේ නම ආශ්‍රයෙන්. ලලිනාද කියලා කියන්නෙ ලාලිත්‍ය වූ නාදය.

 

3. සාරංග ලලිනාදගේ, ලාලිත්‍ය වූ නාදයෙන් අරගෙන තියන ප්‍රයෝජන මොනාද ?

ලාලිත්‍ය වූ නාදයක් මට තියනවද කියලා මම දන්නෙ නෑ. මොනා වුණත් හඬ නළුවෙක්, ගායකයෙක්, චරිතාංග නළුවෙක්, නිවේදකයෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට මගේ හඬ මම පාවිච්චි කරලා තියනවා.

 

4. වයස ? හොඳ වයස 

 

5. මොනාට හොඳ වයස ද ?  ඕනම දේකට 

 

6. ‍පිරිමියෙක්ගේ ජීවිතේ උපරිම හැකියාව පෙන්නන්න පුළුවන් වයස් පරාසය කීයද ? 30 - 40

 

7. පාසල ? කොළඹ තර්ස්ටන් විද්‍යාලය

 

8. උසස් පෙළට කළේ මොන විෂයන්ද ?ගණිතය

 

9. පිරිමියෙක් වෙලා ඉපදුනොත් අනිවාර්යෙන්ම කරන්න ඕන දේවල් 2 මොකද්ද ?

(මේ ප්‍රශ්නෙට සාරංග දිපු උත්ත දෙක නම් නියමයි. ඒත් ඒ උත්තරවල පිළිවෙලේ තමයි පොඩි අවුලක් තියෙන්නෙ.)

1 හොඳ දරුවො ටිකක් හදන්න ඕනෙ

2 කාන්තාවකට බොක්කෙන්ම ආදරය කරන්න ඕනෙ

 

10.  ලෝකෙ ඉන්න සෙක්සිම කෙල්ල කවුද ? ජෙනිෆර් ලෝපේස්

 

11.  ලංකාවේ ඉන්න සෙක්සිම කෙල්ල කවුද ? මගේ බිරිඳ, උමාලි

(මම දාපු මේ පන්දුවට, සාරංග ඉතාමත් උපක්‍රමශීලීව ඇඟ බේරා ගනිමින් දර්ශනීය ලෙස හතරේ පහරක් එල්ල කරලා තමන්ගේ බිරිඳ ඉදිරියේ ලකුණු රැස්කරගත්තා. ඒ නිසාම මම ඊළඟට සාරංගට දැම්මේ බවුන්සර් පන්දුවක්)

 

12.  හරි.. සාරංග හිතන විදිහට උමාලි හැර ලංකාවේ ඉන්න සෙක්සිම කෙල්ල කවුද ?

ම්ම්ම්... ඔව්... එහෙම කෙල්ලෙක් ඉන්නවා. එහෙම කෙනෙක්ම මම දවසක් පාරෙදි දැක්කා. එයාගේ නම නම් දන්නෙ නෑ. 

 

(මම දාපු මේ බවුන්සර් පන්දුවටත් ඉතාමත් දර්ශනීය විදිහට පුල් පහරක්  එල්ලකරමින් ලකුණු 6 ක් වාර්තා කිරීමට සාරංග සමත් වුණා. ලකුණු  6 ක් ගැහුවත්.. සාරංග පාරෙ යනකොට සෙක්සි කෙල්ලො දිහා බලනවා කියලා දැන් මාට්ටු වෙලා ඉවරයි. මොනා වුණත් ලකුණු හයක් ගැහුවනේ. ඒ නිසා මම ඊළඟට යෝකර් පන්දුවක් දැම්මා)

 

13.  සාරංග හිතන විදිහට, උමාලි හැර, නම් දන්න කෙල්ලො අතරින් ලංකාවේ ඉන්න සෙක්සිම කෙල්ල කවුද ?

අම්මෝ... ඒක මාර ප්‍රශ්නයක්නෙ..  ම්ම්ම්... ආ... සෙක්සිම කෙල්ල නේද..

සාරංග සෑහෙන වෙලාවක් කල්පනා කරලා අන්තිමේදී මෙහෙම කිව්වා.)

මට එකපාරටම කවුද කියලා හිතාගන්න බෑ. මම අද රෑට ඔය ප්‍රශ්නේ ගැන කල්පනා කරලා හෙට උදේට උත්තරේ ටයිප් කරලා  SMS එකක් දාන්නම්.

 

(සාරංග එහෙම කිව්වහම මට බයත් හිතුනා. ලංකාවේ ඉන්න සෙක්සිම කෙල්ල කවුද කියලා රෑ තිස්සේ කල්පනා කරලා නිදාගත්තට පස්සේ හිනෙන් කාගෙ හරි නමක් කියවුනොත් මොන දෙයියන්ට කියන්නද කියලා මට හිතුනා.)

 

14.  ලංකාවේ කෙල්ලොන්ගේ තියන මෝඩම ගුණාංගය මොකද්ද ? 

‍අනවශ්‍ය විදිහට මිනිස්සුන්ව විශ්වාස කරන එක තමයි මෝඩම ගුණාංගය

 

15.  සාරංගට කවුරු හරි කිව්වොත් සාරංගව බඳින්න බැරි වුණොත් සියදිවි නසාගන්නවා කියලා ?

ඇත්තටම මට එහෙම වෙලා තියනවා. දැකලාවත් නැති කෙල්ලො ඉස්සර මට ලියුම් එවලා කියලා තිබුනා මාව බඳින්න බැරි වුණොත් මැරෙනවා කියලා. මම ඉතිං සද්ද නැතුව හිටියා.  

 

16.  එ‍හෙම ලියුම් එවපු අය දැන් ජීවතුන් අතර ඉන්නවද ?

 ඒක නම් දන්නෙ නෑ.

 

17.  හොයලා බලන්න හිතිලා නැද්ද ?

නෑ. එහෙම හොයලා බලන්න ගියොත් තවත් අනවශ්‍ය කරදරවල පැටලෙන්න පුළුවන්.

 

18.  ආත්ම සංකල්පය ඇත්තනම්, මේ ආත්මෙදි ලැබුන දෙමව්පියන් හැර වෙන දෙමව්පියන් දෙන්නෙක්ට දාව ලබන ආත්මෙදි උපදින්න වුණොත් තෝරගන්න අම්මයි තාත්තයි කවුද ?

මගේ බිරිඳ වෙච්ච උමාලිගේ අම්මවයි තාත්තවයි තෝරගන්නවා.

(පිටිය පුරා දර්ශනීය පහරවල් එල්ලකරමින් තමන්ගේ බිරිඳ ඉදිරියේ ඉතාමත් හොඳ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට මේ අවස්ථාවේදී සාරංගට හැකි වුණා.)

 

19.  දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් කලාව සම්බන්ධ ඇමතිවරයෙක්ව පත් කරන්න අවස්ථාව ලැබුනොත් ?

මහින්ද රාජපක්ෂ මහත්තයව පත් කරනවා. එතුමාට කලාව සහ කලාකරුවන් ගැන හොඳ අවබොධයක් තියනවා.

 

20.  Aashiqui 2 Film එක සිංහලෙක් කළොත් ප්‍රධාන නළුවා, නිළිය, ගායකයා සහ ගායිකාව විදිහට සාරංග තෝරගන්නෙ කාවද ?

ප්‍රධාන නළුවා උද්ධික. නිළිය ශලනි. ගායකයා සහ ගායිකාව තමයි කසුන් සහ සමිතා. 

 

විවාහය යනු කුමක්ද ? අනර්කලී සහ යුරේනි නොෂිකා අතර තියන සම්බන්ධය මොකද්ද ? උපේක්ෂා ස්වර්ණමාලි නැවතත් දේශපාලනයට එන්න සාරංගගෙන් උදව් ඉල්ලුවොත් සාරංග උපේකෂට දෙන උත්තරේ මොකද්ද වගේ ප්‍රශ්නවලට සාරංග දීපු අනපේක්ෂිත උත්තර ඊළඟ කොටසින් බලාපොරොත්තුවන්න.

 

More Article