Daily News
Trending

මං වෙනස් වුණා. තනිකඩ ජීවිතේටත් තිත. -සංගීත් සතරසිංහ Exclusive Photos

Sangeeth Satharasinghe




Sangeeth Satharasinghe Latest news Exclusive from Starfiends.lk

සංගීත් සතරසිංහ ( Sangeeth Satharasinghe ) ෆීල්ඩ් එකට පහ ගහපු දවසේ ඉඳලාම ගොසිප් මවන චරිතයක් බවට පත් වුණා. හැබැයි ඉතින් සෑහෙන කාලයක් සංගීත් පේන්න හිටියේ නැහැ. ඒකට නම් හේතු වුණේ පෞද්ගලික ජීවිතයේ ඇති වූ වෙනසක්. වසර දෙකකට විතර පස්සේ සංගීත් නැවතත් කරලියට එන්නේ සුපුරුදු මුහුණත් වෙනස් කරගෙන.

සංගීත්ගේ මේ වෙනස ගැන ඔහු කියන්නේ නම් මෙහෙම කතාවක්.

Sangeeth Satharasinghe

‘’ සංගීත්ට ඕනෑම විදියකට වෙනස් වෙන්න පුළුවන් කියලා මම පෙන්නුවා. පෙනුමෙන් වගේම වැඩ වලිනුත් ඒ වෙනස් කෙනා එලියට ඇවිත් දැන් වැඩ කරගෙන යනවා ‘’

මේ දිනවල විකාශය වන කුසුමාසන දේවී ටෙලිනාට්‍යයේ සංගීත් රඟ දක්වන්නේ විමලධර්මසූරිය රජතුමාගේ චරිතය. ඒ චරිතයට සංගීත් හොඳ සාධාරණයක් ඉෂ්ට කරන බව බොහෝ දෙනා පවසනවා. සංගීත් කියන විදියට මේ වන විට ඔහුගේ වෙනස රසික රසිකාවන් ආදරයෙන් වැළඳගෙන තියෙනවා.

සංගීත් කාලයක්ම ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා සිටියත් මේ වන විට ඔහුගේ ගායන කුසලතාවත් එළිදක්වා අවසන්. මේ වසරේ මැද භාගයේ ඔහු එලි දැක්වූ සිත මගේ කියන ගීතය ගොසිප් නිර්මාණය කරන්නත් සමත් වුණා. සංගීත්ට විදුෂි උත්තරා (Vidushi Uththara) කියන නවක නිළිය සමඟ සම්බන්ධයක් ඇති බව තමයි මේ ගොසිප්වලින් කියවුණේ. හැබැයි ඉතින් එහෙම කතාවක් ඇතිවෙන්න හේතුවෙලා තිබුණේ නම් විදුෂි “හිත මගේ” ගීතයේ මියුසික් වීඩියෝවට සම්බන්ධව සිටීම.

Sangeeth Satharasinghe

සංගීත්ගේ ජීවිතයේ සියලු තීරණ ගන්නේ ඔහු. ඒ ගත්ත සමහර තීරණවල පසුබෑම් තිබුණ බව ඔහු පිළිගන්නවා. විවාහය කියන්නේ සංගීත් ගත්ත එවැනි තීරණයක්. නොගැලපීම් ඇති වුණාම වෙන්වනවා කියන දෙය අරුමක් නෙමෙයි.

සංගීත් විවාහ වුණේ රංඟන ශිල්පිනියක වූ උදාරි කෞෂල්‍යා (Udari Kaushalya) එක්ක. නමුත් ඒ විවායහට වැඩි ආයුෂ තිබුණේ නැහැ. ඇත්ටම වෙන්වීම සිදුවුණේ මොකක් නිසා ද කියලා කියන්න දන්නේ නැති වුණත් උදාරිගේ පැත්තෙන් යම් යම් ඉඟි පළකරන ෆේස්බුක් පෝස්ට් පළවුණා. දැන් මේ සියල්ල අයිති අතීතයට.

සංගීත්ට තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් ඉටුකරන්න යුතුකම් ඇති බව ඔහු කියනවා. අවස්ථාවක් ලැබුණ විට තනිකඩ ජීවිතයට තිත තබන්නත් සංගීත්ගේ අදහසක් තිබෙනවා.

සංගීත් වසරකට පස්සේ කරලියට එන්නේ සැබෑ වෙනසක් එක්ක. ඉතින් රංඟනයෙන් තවත් ඉදිරියට යන්න ඔහුට බලාපොරොත්තුවක් තියෙනවා. ළඟදීම දවසක සංගීත් ප්‍රේම චරිතයකින් ඔබ හමුවට පැමිණීමටත් නියමිතයි.

කොහොම වුණත් සංගීත්ගේ සිත මගේ ගීතය තරුණ තරුණියන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. මේ නිසා සංගීත් ටෙලි චිත්‍රපටයකටත් ගීත ගායනා කරනවා. ඒත් ඔහු කැමතිම රංඟනයට නිසා රංඟනයෙන් ඉදිරියට යනවාලු.

Sangeeth Satharasinghe
Sangeeth Satharasinghe
Sangeeth Satharasinghe
Sangeeth Satharasinghe
Sangeeth Satharasinghe
Sangeeth Satharasinghe
Sangeeth Satharasinghe

Sangeeth Satharasinghe Latest news Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close