Daily News
Trending

රසිකාවියක් සතුටු කරවන්න සමිතා තමන්ගේ දුවව සජීවී මැදිරියට හදිසියේම ගෙන්වයි…




එක්තරා රූපවාහිනී නාලිකාවක තිබුණ පිළිසඳරකට සමිතා මුදුන්කොටුව ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙක්ම සම්බන්ධ වී සිටියා.

ඒ වැඩසටහන එක්ක ප්‍රේක්ෂකයන්ට දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්.

වැඩසටහන හරිම රසවත්ව ගලාගෙන යන අතරේ දි එකපාරටම ප්‍රේක්ෂිකාවකගෙන් ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුම එන්නෙ සමිතාට සහ දේවිකා මිහිරානිට. දුරකථනයෙන් සම්බන්ධ වූ ප්‍රේක්ෂිකාව සමිතාටත් වඩා ආදරයෙන් මතක් කරන්නෙ සමිතාගේ දුව කාවින්ද්‍යාව සහ දේවිකා මිහිරානිගේ පුතාව. ඉතිං.

ඒ රසිකාවියට ආසයිලු සමිතාගේ දුවයි දේවිකාගේ දුවයි දකින්න.

එදා මේ වැඩ සටහනට සහභාගී නොවුනට කාවින්ද්‍යා වගේම දේවිකාගේ පුතාත් ඇවිත් හිටියා. දෙන්නම මැදිරියෙන් එපිට වාඩිවෙලා අම්මලා දිහා බලාගෙන හිටියේ. ඉතිං සමිතා අර රසිකාවියව වගේම නරඹන්නන්ද පුදුමයට පත් කරමින් තමන්ගේ දුවව මැදිරියට කැඳවනවා. දේවිකාගේ පුතත් එක්ක කාවින්ද්‍යා සජීවී වැඩසටහන අතරතුර මැදිරියට එනවා. ඉතිං මේ අහම්බය නිසා අර ප්‍රේක්ෂිකාව වගේම හැමෝම ඉතාම සතුටට පත් වුණා.

 

Show More

Related Articles

Close