Daily News
Trending

බැඳීම් අඩු නිසා මියුසික් වී‌ඩියෝවලට ආසයි.- සාලිය වර්ෂ ‌‌තෙන්නකෝන්

Saliya Warsha Thennakoon




Saliya Warsha Thennakoon Exclusive from Starfiends.lk

අපි ජීවත්වන්‌නේ Internet යුගයක. ඒ් නිසා communication හරිම ‌fast. ‌කොයිතරම් ‌fast ද කියනවා නම් හරියන්න වගේම වරදින්නත් යන්නේ තත්පපරයයි ‌දෙකයි. Internet ඒකෙන් වාසනාව උදාවෙලා ‌මේ ‌වෙද්දී ජනප්‍රිය නළුවෙක් බවට පරිවර්තනය වුණ ‌‌කෙනෙක් ගැන කියන්නයි ‌මේ හදන්නේ. නම කිව්ව පමණින් ඔයාලා දන්නවා ඒ් කවුද කියලා. අපි ‌මේ කියන්නේ සාලිය වංශ ‌තෙන්නකෝන් ගැන.

සාලිය field ඒකට ඒන්නේ අහම්බෙන්. ඇත්තටම කියනවා නම් සාලියව හඳුනාගන්‌නේ facebook ඒකෙන්. සාලිය‌ෙගේ ‌profile picture එක දැකපු දර්ශන නුවන් ඔහුගේ ‌‌photo shoot එකක් කරනවා. ඊට පස්සේ තමයි කසුන් ධම්මික ගායනා කරන මල් පිපෙන පිනි වැටෙන කියන ගීත‌ෙයේ music video වේ රඟපාන්න සාලිය‌ට අවස්ථාව ලැබෙන්නේ. ඒතැනින් පස්සේ තමයි සාලියට ජනප්‍රිය වීමේ වාසනාව පෑදෙන්නේ. සාලිය ‌මේ ‌වෙද්දි පත්තිනි, මතකේ නුඹ වැනි ‌ටෙලි නිර්මාණවලටත් සම්බන්ධ ‌වෙලා තියෙනවා. ඒ් විතරක් ‌නෙමෙයි සාලිය modeling වලටත් සම්බන්ධවෙනවා.

මේ ‌වෙද්දි සාලියව ‌ගොඩක්ම මුණගැහෙන්නේ ‌වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ එක්ක. ඒ්කටත් සාලියට ‌හේතුවක් තිබුණා. විශේෂයෙන්ම මියුසික් වීඩියෝවල වැඩ කරද්දී බැඳීම් අඩුයි. රූගතකිරීම් වුණත් තියෙන්නේ දවසයි ‌දෙකයි. ඊට පස්සේ ඒ් වැඩේ එතැනින් ඉවරයි. ඒ්ත් ‌ටෙලිනාට්‍ය දිගට දිගට ඇදෙනවා. සාලියට අවශ්‍ය නිදහස. ඉතින් ඒ නිසා ඔහු music video වලට කැමැතියිලු.

සාලිය තව මාස කිහිපයකින් ගුවන්ගත ‌වෙනවා. ඒ් සංචාරයකට ‌නෙමෙයි රැකියාට. සාලිය කියන්නේ නුදුරු අනාගතයේ pilot ‌‌කෙනෙක්. ඔහු ඇමෙරිකාවේදී ගුවන් නියමු පාඨමාලාවක් හදාරණවා. ඒ් සඳහා ඔහුට ශිෂ්‍යත්වයකුත් ලැබෙනවා. ඉතින ඉදිරියේදී සාලියට කලා කටයුතුවලට සම්බන්ධවන්න සිදු වෙන්නේ සීමා සහිතව. මාස 6කට වරක් ලැබෙන නිවාඩුවට තමයි ඔහුට ඒ් සඳහා කාලය වැය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් සාලියගේ එකම හීනය රැකියාවත් කලාවත් සමබරව කරගෙන යන එක.

Saliya Warsha Thennakoon Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close