Daily News
Trending

පියුමි ෆේස්බුක් වාරණයකට මැදිහත් වෙයි. – පියුමි හංසමාලි

Piyumi Hansamali




Piyumi Hansamali Latest News Exclusive from Starfiends.lk

Facebook එකේ වැඩිම ආකර්ශනයක් දිනාගෙන සිටින පියුමි facebook වාරණයකට මැදිහත් වෙලා කිව්වාම ඔයාලට පුදුමත් හිතෙයි. ඒත් ඒ කතාව සහතික ඇත්තක්.

දවස ගානේ facebook post දාන, video clips දාන profile pictures change කරන පියුමි facebook වාරණයකට මැදිහත් වීම පුදුම සහගත බව ඇත්ත.

අපි දන්න පියුමි නිරූපිකාවක් සහ නිළියක්නේ. ඇගේ නිළි භූමිකාවේ සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කරමින් ජැක්සන් ඇන්තනී සමඟ ද්‍රවිඩ සිනමා නිර්මාණයක රඟපාන්නත් ඇය සුදුසුකම් ලබනවා.

අනෙක් අතට පියුමි කියන්නේ ආන්දෝලනාත්මක පුවත් මවන නිළියක්. විශේෂයෙන්ම ඇය අඳින පළඳින ආකාරය සහ හැසිරෙන ආකාරයත් එක්ක විවිධාකාරයේ ප්‍රතිචාර ඇයට ලැබෙනවා. මේ නිසා අද දවසේ පියුමි හංසමාලි කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්.

ඒ වගේම පියුමි තමන්ට එල්ලවන චෝදනාවලට කෙලින්ම පිළිතුරු දෙන කෙනෙක්. කියන්න ඕන දේ මූණටම කියන කෙනෙක්. ඒවා කොයිතරම් දුරට ගැලපෙනවාද කියන කාරණය නම් වෙනම දෙයක්. කොහොම හරි පියුමි facebook වාරණයකට මැදිහත් වීම නම් අගේ කරන්න වටිනවා.

මෙහෙමයි. පියුමිට ඉන්නවා චූටි පුතෙක්. මේ පුතා සම්බන්ධයෙන් තමයි පියුමි මෙහෙම හැසිරෙන්නේ. දවසක් facebook live එකක් දෙන අතරේ පියුමිගේ පුතා තවත් ෆෝන් එකකින් facebook යනවා. ඒක දැන ගත්ත ගමන් පියුමි facebook live එක අතරතුරේදිම පොඩි ළමයින්ට facebook අවශ්‍ය නෑ කියලා එයාගේ පුතාට පැහැදිලි කරනවා. පුතා එක පාරටම ඒක අහන්න සූදානම් නැතිවුණාම පියුමි තදින්ම කියනවා facebook කියන්නේ පොඩි ළමයින්ට අනවශ්‍ය දෙයක් බව.

ඇයත් අම්මා කෙනෙක්නේ. අනෙක් අතට facebook use කරන අම්මා කෙනෙක්. මේ නිසා ඒකේ තියෙන හොඳ නරක සේරම පියුමි දන්නවා. ඉතින් ඇය එක හෙලාම කියනවා facebook කියන්නේ පුංචි දරුවෙක්ට අනවශ්‍යය ඇප් එකක් කියලා.

Piyumi Hansamali
Piyumi Hansamali
Piyumi Hansamali
Piyumi Hansamali
Piyumi Hansamali
Piyumi Hansamali
Piyumi Hansamali
Piyumi Hansamali

Piyumi Hansamali Latest News Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close