Daily News
Trending

ලබන සතියේ කරලියට එන නදීමාල්ගේ අලුත්ම හිට් එක…




නදීමාල් කියන්නෙ මර්වින් පෙරේරා පරම්පරාවේ තුන්වැනි පුරුක.

මර්වින් පෙරේරා වගේම අමල් පෙරේරාත් ගායකයින් ලෙස ජනතා ආදරය දිනාගනිද්දි නදීමාල් ද ඒ පාරේ යනවා. හැබැයි ඒ යන්නෙ සීයාගෙත් තාත්තාගෙත් පානෙන් එලිය බලන්න නෙමෙයි. නදීමාල්ට වෙනස් හැඩයක් වගේම වෙනස් ගමනක් තියෙන බව අද වනවිට බොහෝ දෙනා හඳුනගෙන අවසන්.

ඔහු මේ වන විට තමන්ගේම නමින් ගීත කිහිපයක් නිකුත් කර අවසන්. ලබන සතියේ ඔහුගේ අලුත්ම ගීතය අන්තර්ජාලයට මුදාහැරෙනවා. ගීතය නම් කරලා තියෙන්නෙ ” වසන්තයේ” කියලා. ඒ ගැන වැඩි විස්තර ගීතය අහලම කතා කරන්න අපි තීරණය කළා.

නදීමාල්ගේ සංගීත ගමනට පිය පාර්ශ්වයෙන් ලැබෙන සහයෝගය ඔහු අගය කරනවා. ඒත් අමල් පෙරේරා කවදාවත් තමන්ගෙ පුතාගේ පස්සෙන්ම ඉඳගෙන හොයලා බලන තාත්තා කෙනෙක් නෙමෙයි. ඔහු අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය උපකාරය කරනවා. ඒ නිසා නදීමාල්ට නදීමාල්ගේ ගමන ස්වාධීනව යන්න පහසුයි. එහෙම තමයි නදීමාල් ඔහුගේ සංගීත චාරිකාව විස්තර කරන්නෙ.

Tags
Show More
Close