Tuesday, 13 February 2018 09:18

ඉමායා පෝරිසාදයා ට කැමැත්ත දීලා...

ඔයාලා හැමෝම ඉමායාව දන්නවනෙ. මුතුකුඩ නාට්‍යයේ සකුන්තලාට රඟපාපු ඉමායා ඔන්න හා හා පුරා කියලා සිනමාවටත් පය තිබ්බා. 

පෝරිසාදයා කියන්නෙ ඉමායාගේ කුළුඳුල් සිනමා පටය. ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂ සිරිතුංග පෙරේරා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ. 2016 දි පෝරිසාදයා හි රූගතකිරීම් ආරම්භ වෙනවා. ඉමායා කියන විදියට පළමු සිනමා අත්දැකීමට ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන්න ලැබීම ඇගේ ජීවිතයේ ඇය ලැබූ වාසනාවක්.

ඉමායාව පෝරිසාදයා චිත්‍රපටයට යෝජනා කරන්නෙ හර්ෂ උඩකන්ද සහ ධනුෂ්ක හුලංගමුව. ශ්‍රියන්ත මෙන්ඩිස්, උදාරි වර්ණකුලසූරිය, කුමාර තිරිමාදුර, දර්ශන් ධර්මරාජ්, කමල් දේශප්‍රිය, අමිල කරුණානායක, උදාර රත්නායක, අයිශාරා අතුකෝරල, සරත් දික්කුඹුර වගේ ප්‍රවීණ දක්ෂ නළු නිළියන් රැසක් පෝරිසාදයා චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනවා.

 

තව විස්තර කියවන්න.