Monday, 12 February 2018 12:00

අපිට මෙහෙම වුණේ ඇයි? කලාකරුවෙක් ඡන්දෙන් පස්සේ දිනපු පැරදුනු හැමෝටම ඇඬෙන්න දුන්න සුපිරිම ටෝකක්...

මමත් කලාකාරයෙක් නිසා මේ කියන කතාව පරිස්සමින් කියන්න ඕනෙ. හැබැයි මේ අපේ ලංකාව මෙම දූෂිත අරාජිත තත්වයට පත්වන්න හේතුව අපේම මීඩියාවයි. හේතුව අපේ ලාංකිකයන්ගේ ඔලු බොහෝදුරට ඔලුබක්කන් වගේ නටවන්නේ මීඩියාවයි. ජාති ආලයක් නැති, අනුන්ගැන නොසිතන, තම බඩ ගෝස්තරය ගැන පමනක් ගැන සිතන මෙම මීඩියා අයිතිකාරයෝ ටිකයි, උන්ට පඩියට වැඩකරන උන්ටිකයි පොඩ්ඩක් හරි මේ ගැන සැලකිලිමත් වුනානම් අපට මීට වඩා දියුනු, පිරිහීමෙන් තොර පිරිසිදු, පොහොසත් රටක් හදාගන්න තිබ්බා.

පසුගිය දා තිබ්බ ඡන්දෙන් පොහොට්ටුව දිනපු නිසා කියන කතාවක් නෙමෙයි මේක. මේ කියන දේ කවදටත් ලංකාවට කාලෝචිතයි. අද ප්‍රීතියෙන් ජයග්‍රහණ සමරන සහ පරාජිතව ඔලුවේ අත ගහගෙන දැං අපිට ආයිමත් කෙලවුනා කියලා සිතන හැමෝටමත් මේක පොදුයි. ඒක නිසා මම කියන දේ තේරුම් ගත්තොත් ඇති. ලියලා තියන දේට එකගයිනම් Share කරන්න.

මීඩියාවට වගකීමක් නැතිකම අද වගේම එදත් එහෙමයි. හෙටත් එහෙමම වෙයි කියන බයටයි, දුකටයි මෙහෙම අවදානම් කතාවක් කලාකාරයෙක් වෙලත් කට ඇරලා කිව්වේ.

PS: කට්ටියට නොතේරෙයි/පටලැවෙයි කියලා හිතලා මම ලියලා මකලාදාපු කොටස කියලා දාන්නම ඕනෙ කියල හිතුනා.

එහෙනං ඉතුරුටිකත් කියවන්නකෝ!

ලංකාව මේ තත්වයට ඇදලා දාන්න හේතුවුන මීඩියාව සැකසුවේ ඉන්දියාවයි. මීඩියාව ලංකාවට එන්න කලින් අපි මීට වඩා හරි දියුනුයි. දකුනු ආසියාවේ හොදම වරායවල්, දුම්රිය මාර්ග සහ යටිතල පහසුකම් තිබුනේ ලංකාවට. රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය පමනක් තිබුනු කාලේ මීට වඩා හරවත් දේ අපිට බලන්න තිබුනේ. සවස 6ට TV එක ඉස්සරහ බුදුන් වැන්දෙ අපි ඒ කාලේ. ඉදිරි අනාගතය වෙනුවෙන් සිතන නව පරම්පරාවකට අහන්න තිබුනේ රෝහන වීරසිංහයන්ගේ "මොනවද මුත්තේ මොකද කරන්නේ" කියන සින්දුව කට පාඩමින්. දකුන බලා පසු වම්පස බලා පසු නැවතත් දකුන බලා පාර පනින්න කියලා දුන්නේ TV එකෙන්. හැබැයි පසු කාලීනව ඉන්දිය කලමනාකාර-පසුබිම් ඇති මීඩියා ලංකාවේ පටන් ගත්තා. අපි සින්හලයොත් ඒකට නොදැනුවත්ව එකතුවුනා. ENTERTAINMENT එකෙන් පටං අරන් NEWS වලට බැහැලා ඔන්න ඉතින් කෙලවන්න පටන් ගත්තා. අනුන්ගේ කුනුගොඩවල් බලලා සතුටු වන ලක්කාවේ ජනතාවගෙන් ලැබෙන රේටිංස් හොඳ නිසා පස්සෙ පස්සේ ආපු මීඩියා කාරයොත් ඒකම කරන්න පටන් ගත්තා. පස්සේ කාලේ මේ පිරිහෙන රටේ, පිරිහුනු දේෂපාලකයෝ රූපවාහිනියයි, ස්වාධීන රූපවාහිනියත් අතට ගත්තා.

ඊට පස්සේ වුනු ටික කියන්න ඕනෙ නැහැනේ.

හෝව්! හෝව්! ඉවර නෑ! තව කැල්ලක් තියෙනවා. ඒකත් කියලම දාන්නං... lol

අපි මේ රටේ තවත් පිරිහීමට හේතුව රටේ මාර්ග නීතිවලටවත් අවනත නැති, අපි බහුතරයක් කර්මයටවත් බය නැති, නීතියක්-රීතියක් නැත්තාක්මෙන් ආගමක් නොව ධර්මයක්, දර්ශනයක් කියා වචනෙට බෞද්ධයන් වීමයි. කෙසේවෙතත් දූපතක් වන අපේ ලංකවට ආර්ථික දියුවක් ලැබිය හැකි ලෙහෙසිම ක්‍රමය වන විදේශීකයන් ගෙන්වා ගැනීමේ කර්මන්තය දියුනු කරන්න අපහසු වන හේතුවත් අප රටේ ප්‍රධන ආගම/ධරශනය වන බුද්ධ ධර්මය විදේශීකයන් ආකර්ශනය වන ක්‍රියාකාර්කම් වලට විරුද්ධ වීමයි.

මීට, කිසිදාක දේශපාලනයට එන්න බලාපොරොත්තු නොවන ඔබේ හිතවත් කලාකරු,

දුෂ්යන්ත් වීරමන් 

 

තව විස්තර කියවන්න.