Monday, 12 February 2018 09:47

පුබුදුගේ වෙඩින් එක ගැන ශනුද්‍රිගෙන් හෝඩුවාවක්...

පුබුදුගේ ඉතාම සුන්දර පෙම්වතිය ගැන රටක්ම කතා කළ නිසා පුබුදුගේ වෙඩින් එක දිහාත් රටම බලාගෙනනෙ ඉන්නෙ. මාෂි තමයි මේ සුරූපී පෙම්වතිය. දැන් විවාහයට අවශ්‍ය කළමනා සූදානම් වන බවත් අපිට ආරංචියි.  

පහුගිය දවසක ශනුද්‍රි ප්‍රියසාද් මේ වෙඩින් එක ගැන පුංචි හෝඩුවාවක් දීලා තිබුණා. ඒ තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ඡායාරූපයක් පළ කරමින්. ශනුද්‍රි කියලා තිබුණ විදියට පුබුදුලගේ වෙඩින් එකේ දෙවැනි මනාලියක් විදියට ශනුද්‍රිත් හැඩගැන් වෙනවා. 

මාශියි ශනුද්‍රියි සාරංගගේ සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකට ගිහින් ඉන්න වෙලාවක ගත්ත පින්තූරයක් එක්ක තමයි ශනූ මේ හෝඩුවාව දෙන්නෙ. පුබුදු මනාලයෙක් වෙන දවසට ශනූ දෙවැනි මනාලියක් වෙන ලස්සන බලන්න අපිත් ආසයි. ඒ නිසා මේ මංගල්‍යය ඉක්මනටම අපිට දැක බලාගන්න ලැබෙනවා නම් තමයි හොඳ. ඒ තරමට දැන් පුබුදුගෙයි මාෂිගෙයි විවාහය සම්බන්ධයෙන් රසික රසිකාවියන් උනන්දුයි. 

 

තව විස්තර කියවන්න.