Monday, 12 February 2018 09:41

කලකට පස්සේ රිදී තිරයට ශ්‍රී ලංකාවෙන් දමිළ සිනමා පටයක්...

කිං රත්නම්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙස 'කොමාලි කිංස්' හඳුන්වා දෙන්න පුළුවන්. කිං රත්නම් කියන්නෙ ප්‍රකට දෙමළ වේදිකා, ගුවන්විදුලි සහ චිත්‍රපට රංඟන ශිල්පියකුද වන එස්. එම් රත්නම්ගෙ මුනුපුරෙක්. 

'කොමාලි කිංග්ස්' හි රංඟනයෙන් දර්ශන් ධර්මරාජ්, රාජා ගනේෂන්, නිරංජනී ශන්මුග රාජා, ගජන් ගනේෂන්, සත්‍යා ප්‍රියා රත්න ස්වාමි, ප්‍රියන්ත සිරිකුමාර, දයා වයමන් ආදී නළු නිළියන් සහභාගී වෙනවා. මෙහි කැමරා අධ්‍යක්ෂණය මහින්ද අබේසිංහගේ. අංග රචනය වසන්ත පූර්ණවංශගේ. ඇඳුම් නිර්මාණය මෙලනි ගුණසේකරගෙ.

ලංකාවේ චිත්‍රපට ශාලාවල මෙතුවක් කල් විදේශීය දමිළ චිත්‍රපට තිරගත වුනාට ලාංකීය දමිළ සිනමා පටයක් තිරගත වුණේම නැහැ. කිං රත්නම් "කොමාලි කිංස්" කරන්නෙ ඒ හිඩැස පුරවන්නත් එක්ක.

 

තව විස්තර කියවන්න.