Friday, 13 October 2017 09:33

යුරේනි කොල්ලෙක් නිසා පැනඩෝල් බීලා...

"චුයිංගම් වගේ කොල්ලෝ" කියන මියුසික් වීඩියෝවත් එක්ක ඔන්න දැන් යුරේනි ගැන තමයි කතාව. මේ සින්දුවේ වචනවල කිසිම ගැලපීමක් නැහැ කියලත් සමහරු කියනවා. ඒවට උත්තර දෙමින් යුරේනි කියන්නෙ හැම එකේම වචන හොයන්න අවශ්‍ය නැහැ. මේ ගීතය රග යිමින් වෙන ආකාරයට නිර්මාණය කරපු එකක් කියලයි. ගීතයේ මියුසික් වීඩියෝවට අඩ නිරුවතින් සම්බන්ධ වීම ගැනත් යුරේනි එයාගේ අදහස කියනවා. "ලංකාවේ තමයි අඩ නිරුවත කියන වචනය මහා ජරා සවුත්තු වචනයක් කියලා හිතන්නෙ. පිටරවල එහෙම නැහැ" යුරේනි කියන්නෙ එහෙමයි. තමන් තරමක් කොට ඇඳුමකින් සැරසී සිටියේ නිර්මාණයට සාධාරණයක් කරන්න කියලයි යුරේනි කියන්නෙ. 

යුරේනි ආදරය කරලා ඕන තරම් පැරැදිලා තියෙනවාලු. දැනට යුරේනිට ආදරය කරන කෙනෙක් ඇත්තෙත් නැහැලු. ඔන්න යුරේනිට අවුරුදු 21 දී එයා කෙනෙක් එක්ක ප්‍රේමයෙන් වෙලිලා ඉඳලා තියෙනවා. ඒ තමයි යුරේනිගේ ෆස්ට් ලව් එක. මේ ආදර කතාව වැඩි කල් නොගොස් බිඳ වැටෙනවා. ඒ වේදනාව දරාගන්න බැරිව යුරේනි පැනඩෝල් බොනවා. මේවා මතක් වෙද්දි යුරේනිට දැන් ලැජ්ජයිලු. කොයිතරම් මෝඩ වැඩද කියලා හිතෙනවාලු.

 

තව විස්තර කියවන්න