Thursday, 12 October 2017 09:56

අද නිරුවතට තිබුණ වටිනාකම බාල්දුවෙලා... 

දුලීකා මාරපන කියන අති දක්ෂ රංඟන ශිල්පිනිය කෙලින් කතා කරන්න බය නැහැ. මේ දවස්වල "අපර්ණා" කියන චිත්‍රපටයත් එක්ක කාර්යබහුල වෙලා  ඉන්න දුලීකා වෙන වැඩ කිසිවක් භාරගන්නෙත් නැහැ. අවුරුදු තුනකට විතර පස්සේ දුලීකා ටෙලි සිත්තමක වැඩ භාරගන්න යනවා කියලත් ආරංචි වුණා. 

කොහොම වුණත් මේ කියන්න යන්නේ වෙන දෙයක්. මියුසික් වීඩියෝවලයි එක එක නිර්මාණවලයි හිටු කියලා නිරුවත මාර්කට් කරන trend එකක් ඇවිල්ලනේ. ඒගැන දුලීකා කිව්වේ මේ වගේ කතාවක්.

නිරුවත කියන්නේ දෙදෙනෙක් අතර රසවිඳින හරි සුන්දර අත්දැකීමක්. හොරෙන් උස්සලා බලලා රසවිඳපු නිරුවත වේදිකාව අමුවෙන්ම පෙන්නුවාම එකේ වටිනාකම නැතිව යනවා. ලංකාවේ නිර්මාණ කලාව නිරුවත කලාත්මකව මතුකරගෙන නැහැ.මේ නිසා නිරුවතට තිබුණ වටිනාකමත් නැතිවෙලා ගිහින්. යුරෝපය වගේ රටවල නිර්මාණ අරගෙන බලන්න, කොයිතරම් ලස්සනට නිරුවත පෙන්නලා තියෙනවද කියලා. ලංකාව ගත්තොත් ඒ වගේ නිර්මාණ හරි අඩුයි.

 

තව විස්තර කියවන්න