Friday, 06 October 2017 14:20

අනූජ් උදේට හිට් වෙන්න හේතුව මොකක්ද?

අනූජ් රණසිංහ මේ දවස් ටිකේ නම් ඉන්නෙ නොවැම්බර් 09 හැව්ලොක් ග්‍රවුන්ඩ් එකේ පැවැත්වෙන "රිදම් ඔෆ් ස්‍ටාර්ස්" ප්‍රසංගයට පුහුණුවීම් කරන ගමන්. 

ඊට අමතරව මේ දවස්වල අනූජ් සිරස රූපවාහිනියේ "හරි රහ" ප්‍රෝග්‍රැම් එක කරනවානෙ. හරි රහ කියන්නෙ මෝනිං ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වගේම අනූජ් හරි රහට ඉඳිරිපත් කරන "හරි රහ" ප්‍රෝග්‍රෑම් එකට හුඟක් ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි ආරංචි. මේ වෙද්දි ලංකාවේ උදය කාලයේ විකාශය වන වැඩසටහන් අතරින් වඩාත් ජනප්‍රියම වැඩසටහන වෙන්නෙත් අනූජ් ඉදිරිපත් කරන "හරි රහ" වැඩසටහන. "හරි රහ" එච්චරට හිට් වෙන්න අනූජ්ගේ ජනප්‍රියකම වගේම හැකියාවත් බලපාන්න ඇති.

ඔක්තෝබර් 8,9,10 කියන දින තුනේ අනූජ් ප්‍රධාන චරිත නිරූපනය කළ "වස්සානයේ සඳ" චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි කියන ප්‍රදේශ වල තිරගත වෙනවා. ලංකාවේ අයටත් ඒ සිනමා අත්දැකීම අනාගතේ දවසක ඉක්මණටම උදාවේවි...

 

තව විස්තර කියවන්න