Friday, 11 August 2017 17:07

උදාරි සිත් තැවුලෙන්...

උදාරි පෙරේරා මේ දවස්වල ඉන්න තරමක් සිත් වේදනාවකින්. ලංකාවේ මාධ්‍යය හැසිරෙන විදිය සම්බන්ධයෙන් උදාරිට තියෙන්නෙ ලොකු කණගාටුවක්. තමන් කවදාවත්ම මාධ්‍යකට කියපු නැති ප්‍රකාශයක් නිර්මාණය කරලා Article එකක් විදියට පලකරපු මාධ්‍යය ආයතනයක් නිසා තමයි උදාරිගේ හිත මේ තරම් රිදිලා ඉන්නෙ. පුවත්පතක් පළකරපු මේ ලිපිය ඊට පස්සේ Gossip website එකක පලවෙනවා. මේ සම්බන්ධයෙන් Starfriends එක්ක කතාකරපු උදාරි තමන්ගේ සිත්තැවුල ප්‍රකාශයට පත් කළේ මේ විදියට

" පුවත්පතක් මම කවදාවත් නොකරපු විදියේ සාකච්චාවක් පළකරලා තිබුණා. ඒ ලිපිය පස්සේ Gossip website වලටත් අරගෙන තිබුණා. ඇත්තටම මම ඒ ගැන කණගාටු වෙනවා. මම සාමාන්‍යයෙන්  ඒ වගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන කෙනෙක්වත් නෙමෙයි. අනික මම ඒ විදියට කතා කරන කෙනෙකුත් නෙමෙයි. මම ඉංග්‍රිසි සිංහල පටලවගෙන කතාකරන්නෙත් නැහැ. මම මගේ පාඩුවේ ඉන්න නිහඬ කෙනෙක්. එහෙම ඉඳලත් මේ වගේ සම්පූර්ණ අසත්‍යය දේ මගේ නමින් පළකරන එක හරිම කණගාටුවක්. අපේ රටේ සමහර මාධ්‍යය හැසිරෙන විදිය සම්බන්ධයෙන් විශාල කළකිරීමක් තියෙනවා.

 

තව විස්තර කියවන්න