Thursday, 10 August 2017 14:02

මහේෂ් දෙනිපිටිය ලයිව් ඉන් කොන්සර්ට් සැප්තැම්බර් 02...

ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ මහේෂ් දෙනිපිටිය සංගීත කලාවේ නැවුම් අත්හදාබැලීම් කරන්නෙක්. ඔහු එලැඹෙන සැප්තැම්බරයේ දෙවැනිදාට  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගී රසයෙන් කලම්බනවා. එදිනට ගීත ගායනයෙන් චිත්‍රාල්, උමාරියා, නිරෝෂා, කසුන්  සම්බන්ධ වෙනවා. මහේෂ් දෙනිපිටිය Live in  concert හි වාද්‍යවෘන්දය වාදකයින් විස්සකට අධික සංඛ්‍යාවකින් යුක්තයි. එදිනට නිවේදක කටයුතු වසන්ත දුක්ගන්නාරාල සමග ඉෂානි සඳනායක සිදුකරයි. වෙනස් හැඩයක නැවුම් සංගීතමය අත්දැකීමක මිහිර විඳින්න සැප්තැම්බර් 2 හවස 7.00 ට බණ්ඩාරනායක  සම්මන්ත්‍රණ ශාලාවට ආවොත් ඔයාලටත් පුළුවන්

 

තව විස්තර කියවන්න