Wednesday, 09 August 2017 08:33

රංජන් Live ලීක් කරපු වීඩියෝවට බුකියේ උණුසුම් ප‍්‍රතිචාර...

රංජන් රාමනායකගේ අලුත්ම Film එක ඩොක්ටර් නවරියන්(DOCTOR NAVARIYAN). මේ ගැන කියවෙන වීඩියෝවක් පහුගිය දවසක රංජන් ෆේස්බුක් එකට ලයිව් අප්ලෝඩ් කරනවා. ඒ වෙලාවේ රංජන්ගේ රසික රසිකාවියන්ගේ උණුසුම් ප‍්‍රතිචාර ඒ වීඩියෝවට ලැබෙනවා. ෆේස්බුක් ප‍්‍රතිචාර බලද්දි නම් හුග දෙනෙක් කියලා තිබුණේ ඩොක්ටර් නවරියන්(DOCTOR NAVARIYAN) කියන්නේ ජනප‍්‍රිය හින්දි චිත‍්‍රපටක් වන MBBS චිත‍්‍රපටයේ කොපියක් කියලා. සමහර විට මේ චිත‍්‍රපටය සයිටම් ප‍්‍රශ්නය ඉලක්ක කරගෙන හදපු එකක්ද කියලත් සැකයක් තියෙනවා. කොහොම වුණත් මේ හැම ප‍්‍රශ්නෙකටම හරි පිළිතුර දැනගන්න රංජන් එනකල්ම ඉන්න වෙනවා. මොකද මේ වෙලාවේ රංජන් ලංකාවේ නෑ. ඩොක්ටර් නවරියන්(DOCTOR NAVARIYAN) ගැන අලුත්ම විස්තර රංජන් ලංකාවට ආපු සැනින් අපි එයාගෙන්ම අහලා දැනගමු...

තව විස්තර කියවන්න