Thursday, 03 August 2017 17:43

ලංකාවේ Peak ම නළුවා වුනොත් ඒ මගේ මරණය...

ධනංජය වෘත්තිය කලාකරුවෙක් ද?

ඔව්

 

මේ දවස්වල ධනංජයගේ අතමිට සරුයි නේද?

ඒ කිව්වේ

 

ඔබ රංගනයේ යෙදුනු සිනමා නිර්මාණ, ටෙලිනාට්‍යය කිහිපයක්ම මේ දිනවල විකාශණය වෙනවා.

එහෙම නෑ ඉතිං. ජීවත්වීම සදහා යම් කිසි මුදලක් ලැබෙනවා. ඒකෙන් ජීවත් වෙනවා. ඒක සරුයිද කියලා එකක් නැහැ

 

මේ වෙලාවේ ධනංජය සිරිවර්ධන කියන කලාකරුවාගේ මිල කීයද කියන්න පුළුවන්ද?

නැහැනේ. වටිනාකම කියන එක ගත්තම සමහර දේවල්වලට මිලක් නැහැ. මිල කරන්න බෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ මිලක් නියම කරන්න බැහැ කියන එක. කලාකරුවාගේ වටිනාකම කියන එක නිතර වෙනස්වන සුළුයි

 

මෙහෙම ඇහුවොත්, මේ වෙලාවේ වැඩිපුරම අය කරන කලාකරුවා කවුද කියන්න පුළුවන්ද?

ඕක ජනප‍්‍රියත්වය පිළිබද ප‍්‍රශ්නයක්නේ. ජනප‍්‍රියත්වයෙන් ඉහළ නලුවන් වැඩි ගාණකට යනවා. ජනප‍්‍රියත්වය හැමදාම එක මට්ටමක රදවාගන්නා අය වටිනාකමත් ඒ විදියට පවත්වා ගන්නවා.

 

මේක ධනංජයගේ Peak ටයිම් එකද?

නෑ මං කවදාකවත් ලංකාවේ Peak ම නළුවා වෙලා නැහැ. මට ජනප‍්‍රිය සම්මානය ලැබිලා තියෙනවා තමයි. නමුත් මම හිතන්නේ නෑ මම එහෙම ලංකාවේ හැමෝම කතාකරන චරිතය බවට පත්වෙලා තියෙනවා කියලා. මට කවදාකවත් ලංකාවේ හිට් එක වෙන්න අවශ්‍ය නැහැ. එහෙම වුනොත් එහෙම ඒක මගේ් ගමනක අවසානය වෙයි.

 

 ඔනේවට වඩා කාර්යබහුල වීම රංගන ශිල්පියේකුට හානියක් නේද?

ඔව්. ඉතාමත්ම නිවැරදියි

 

මේ වෙලාවේ ධනංජයත් ඉතාම කාර්යබහුලයි. කොහොමද රංගනයේ ගුණාත්මකබව රැකගන්නේ

මෙහෙමනේ වැඩේ. පහුගිය මාස තුනේම කවුරුත් මාව දැක්කේ නෑ. ඒ කාලේ කරපුවා තමයි දැන් ඔබ මේ දකින්නේ. එක දිගට telecast වුණාට ඒ නිර්මාණ මීට ඉහතදී රූගත කරපුවා. මිල්ලෑව වළව්ව කාලයකට කලින් කරපු එකක්. අලි කතාව ගිය වර්ෂය අවසානයේ කරපු එකක්. 

 

මිල්ලෑව වළව්වේ දකින ධනංජය තරමක් වෙනස්. ඒ නිරූපනය ගැන කියන්න

මාව හංගලා චරිතය නිරූපනය කරන අවස්ථාවක්. එහි මම චරිත තුන් කරනවා. චරිත තුනේදීම කිසිම අවස්ථාවක මාව නොපෙන්වා සිටීමට මම වගබලාගන්නවා. සුනෙත් මාලිංග අධ්‍යක්ශවරයා පවා මගේ වේශ නිරූපනය අවසානයේ මාව හදුනාගත්තේ නෑ.

 

සී රජ සහ රතු අහස කියන නිර්මාණවලත් ඔබව දකින්න ලැබෙනවා

රතු අහස නැවත විකාශනයක්. එයට පවා පෙර සේම හොද ප‍්‍රතිචාර ලැබෙනවා. සී රජ කියන්නේ ජැක්සන් ඇන්තනීගේ නිර්මාණයක්. වෙනස් රංගන දෙකක්.

 

ධනංජය පරිපූර්ණ රංගන ශිල්පියෙක්ද ?

අපෝ නෑ. කවුද කියන්නේ

මොනවද තියෙන අඩුපාඩු ?

ඕනේ තරම් දකිනවා. මම සම්මාන ගත්ත චරිතයක පවා අඩුපාඩු දකිනවා.

 

තව කොච්චර කල් මේ ක්ෂේත‍්‍රයේ රැදී සිටිනවාද?

ඒක තීරණය කරන්නේ පේ‍්‍රක්ශකයා. ඔවුන් එපා කියපු දවසට මම යනවා.

 

බැරිවෙලා හරි ඔවුන් ඔබට යන්න කිව්වොත්, වෘත්තිය අවදානමකනේ

රසිකයා ගැන කිසිම අවිශ්වාසයක් නැහැ. නමුත් රසිකත්වය පිළිබදව ප‍්‍රශ්නයක් තියෙනවා. රසිකයා තුල ඇති රසිකත්වය පරිපූර්ණ කරන්න බැරි දවසක් ආවොත් මම මේ ක්ෂේත‍්‍රයෙන් ඉවත් වෙනවා. දැනට නම් එහෙම ප‍්‍රශ්නයක් නෑ.

 

තව විස්තර කියවන්න