Thursday, 13 July 2017 17:14

උදාරිගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න යනවාලූ...

උදාරිගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණේ ඇය "යසෝධරා" කියන සිනමා නිර්මාණයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක. ඇත්තටම මොකක්ද ඒ වෙන්න යන ලොකු වෙනස කියලත් උදාරිම අපිට කිව්වේ මෙහෙමයි.

‘‘මම මීට කලින් කවදාවත් ඓතිහාසික තේමාවක් එක්ක යන සිනමා නිර්මාණයකට දායක වෙලා තිබුණේ නෑ, ඒ නිසා "යසෝධරා" මගේ සිනමා ජීවිතයේ ලොකු වෙනසක් සිදුකරන බවට මට විශ්වාසයි. අනෙක් අතට මහාචාර්යය සුනිල් ආරියරත්නයන් යටතේ මෙවැනි නිර්මාණයකට දායකවෙන්න ලැබීම මං ලබපු ජයග‍්‍රහණයක්’’

උදාරි, යසෝධරා චිත‍්‍රපටයේ නන්දා කුමරියගේ චරිතය තමයි රගපාන්නේ. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නලූ නිළි යුවල ඉන්දියානුවන් වීමත් විශේෂයි. ඒ වගේම මේ වෙද්දි රූගත කිරීම් අවසන් බවත් දැනගන්න ලැබුණා.

 

තව විස්තර කියවන්න