Monday, 19 June 2017 09:24

මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරා...

හැමෝම කියන්නේ ඇයට තියෙන්නේ යුරෝපීය පෙනුමක්ලු. කටහඬ පවා බටහිරට හුරුබවක් කියලයි කියන්නේ. ඒත් ඇය මේ වන විට තමන්ට බටහිර පන්නයේ චරිත පමණක් නොව ගැමි චරිතද ඉතා මැනවින් නිරූපණය කල හැකි බව සපත කර ඇත. තවත් මොකටද අටුවා ටික ටිප්පනි ආකර්ෂණීය  ඇය රිතූ ආකර්ෂා .මේ ඇය සමග කල පිලිසඳරේ පලමු කොටස...

 

1.චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරා නෙද. කවද්ද ඒක සිනමා ශාලා වලට එන්නේ. ?

 

මම...ආ...ඔව් ඔව්.කරා තමයි.කතාවේ හැටියට මම පෝලන්තයේ සිනමා පාසලක ඉගෙන ගෙන ඇවිත් මගේ ආදර අවනඩුව කියලා චිත්‍රපටයක් කරනවා. ඒක කරන්න පිටපත ලියාගන්න බන්ධනාගාරයට ගිහින් දසුන් ඒ කියන්නේ නේශාද සමග කරන කතා බහ තමයි ටෙලිනාට්‍යය පුරාවට තියෙන්නේ.

 

2. මේ වෙනකොට ටෙලිනාට්‍යය කීයක විතර රගපාන්න අවස්ථාව ලැබිලා තියනවද ?

 

15 විතර කරලා තියනවා. දින නැතිව භාරගන්න බැරිවුන ඒවත් ගොඩාක් තියනවා

 

3. එහෙම මගහැරුනු නිර්මාණ අතර වඩාත් කැමති නිර්මාණ මොනවද තියෙන්නේ ?

 

" අඩෝ " කියලා නිර්මාණයක් එකපාරටම මතකයට එනවා. ඒක කරන්න හිටියේ දූපතක. එතකොට මගේ ටෙලිනාට්‍යය තුනක් විකාශණය වෙන්න පටන් ගත්තා. මම ගොඩාක් කාර්යබහුල වුණා.

 

4. ඉදිරියේ මොන වගේ නිර්මාණ වලින්ද රිතූව දකින්න ලැබෙන්නේ  ?

 

සසර සේයා මේ දවස්වල ITN එකේ යනවා. ඊට අමතරව චුට්ටේ,මල් හතයි,තුරුම්ම්පු ආසි වගේ නිර්මාණත්මක ටෙලිනාට්‍යය කීපයකුත් විකාශනය වෙන්න තියනවා.

 

5. මේ වෙනකොට මියුසික් වීඩියෝ කීයක විතර ඉදලා තියනවද ?

 

ගානක් හරියටම කියන්න මතක නෑ. ඒත් ජනප්‍රිය වුන ඒවා නම් දහයකට වඩා තියනවා. ඉදිරියේදී  නම් නිතර දකින්න ලැබෙන්නේ නැති වේවි

 

6.ඇයි ඒ.මොකද්ද හේතුව ?

 

මමම ඒක කල්පනා කරලා ගත්ත තීරණයක්.මොකද මම මියුසික් ප්‍රෝග්‍රැම් එකක් කරනවා.ඒක ලංකාවේ ජනප්‍රිය වැඩසටහනක්.ඉතින් ගොඩක් වෙලාවට මම පෙනී සිටින ගීත විකාශණය  වෙනවා. ඒක මම කරන වැඩක් නෙවෙයි. මිනිස්සුන්ගේ ඉල්ලීම්. ඒත් සමහර වෙලාවට මගේම යාලුවෝ විහිළුවට වගේ කියනවා ඔයාගේ සින්දු ඔයාම ප්ලේ කරගෙන ජනප්‍රිය කරනවා නෙද කියලා.

 

7.ඉතින් ඇත්ත ඒක නොවන නිසා කලබල  වෙන්න ඕන නෑනේ. ?

 

ඔව් ඒක ඇත්ත තමයි.ඒ වුනත් මම ඒ තීරණය අරගෙන ඉවරයි. දැන් මම පෙනී හිටින්නේ ගීතය අහලා. කව්ද ගායකයා කියලා හොයලා බලලා. ඒකත් අවුරුද්දකට එකක් වගේ

 

8.රිතූ චරිතයකට සීමා වෙලාද ?

 

නෑ. කොහෙත්ම නෑ. මම කැමතිත් විවිධ චරිත හරහා රසිකයන් අතරට එන්න. දැනට විකාශණය වුන සහ වෙන ටෙලිනාට්‍යය බැලුවත් මට සතුටු වෙන්න පුලුවන් විදියේ චරිත ලැබිලා තියනවා.

 

9.අපිට ඔබව රිදී තිරයේ දකින්න ලැබෙන්නේ කවද්ද ?

  

මමත් කැමතියි ඒ දවස ඉක්මණට උදා වෙනවා නම්. ආරාධනා ලැබුනා. සමහර වෙලාවට තියන කාර්යබහුලත්වය නිසා ප්‍රතික්ෂේප කරන්න වුනා. සමහර ඒවා නම් පිටපත කියවලා යන්නේ නෑ කියලා තීරණය  කරා.

 

10.හරි ඉතින් කවද්ද ඔය අපලේ ගෙවෙන්නේ. ?

 

දැන් අපලේ ගෙවිලා තියෙන්නේ. සමහර වෙලාවට අධ්‍යක්ෂකවරු අපි නිතර රූපවාහිනියේ පෙනෙන නිසා තමන්ගේ සිනමා නිර්මාණ වලට ගන්නත් අකමැති වෙනවා. කොහොම වුනත් පලවෙනි සිනමා නිර්මාණය ගොඩාක් උසස් ගනයේ එකක් වෙනවාට මම කැමතියි. ඒක නිසා තව ඉවසන්න වුනත් පුලුවන්

 

11.ගැනු ලමයි අකමැති දෙයක් කියන්න කිව්වොත් ඔබ මොකද්ද කියන්නේ ?

 

1990.10.09 ඒක මගේ උපන් දිනය.

 

12.එතකොට දැන් 26.රිතූ හිතන විදියට ලංකාවේ කෙල්ලෙක් විවාහ වෙන්න හොද වයස මොකද්ද ?

 

ම්ම්ම්ම්ම්.අවුරුදු 25-30.හොදයි කියලා මම හිතනවා

 

13.මම ප්‍රශ්නය  අහන්නේ නෑ.ඒත් ඔබෙන් උත්තරයක් ඕන ?

 

හරි ඉතින් විවාහ වෙන්න ඉරණම් කාරයා හමුවෙන්න එපැයි

 

තව විස්තර කියවන්න