Sunday, 18 June 2017 17:48

"සංසාර ජාතක කතාවේ පෙම් කරලා ඇති ඕන තරම් වෙනත් නම් වලින් ඉපදීලා ළංවෙලා ඇති ඕන තරම්" 

සියළු දෙනා බලාපොරොත්තුවෙන් සිටි ආත්ම දෙකක් අතරේ දිවෙන ලස්සනම ලස්සන ආදර කථාව දැන් බලන්න පුලුවන් ...

"අවාරේ"

Music Video කළාව වෙනස්ම තැනකට අරගෙන යන "අවාරේ" ගීතයේ රූප රචනාව ලඟදී මාධ්‍යය වෙත මුදාහැරියා.. "අවාරේ" ගීතය ගායනා කරන්නෙ පූර්ණ සචින්ත සමග මනීශා චංචලා.

වර්තමානයේ ජනප්‍රිය ගීත රැසක්ම නිර්මාණය කරපු ලසිත ජයනෙත්ති ආරච්චිගේ සහ ඩිල්ශාන් එල් සිල්වා දෙදෙනා තමයි මේ ගීතයත් නිර්මාණය කරල තියෙන්නෙ. මෙහි රූප රචනාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මෙවන් ලියනගේ.මෙහි කථා සංකල්පය වෙනස් වන අතර එය හර්ශි කරුණරත්න විසින් නිර්මාණය කර ඇත.

වර්තමාන චිත්‍රපටියක් ලෙසින් ඉතා විශාල මුදලක් වැය කරමින් නිෂ්පාදය කළ මෙම Music Video එක සදහා විශාල ශිල්පීන් පිරිසක්ද දායක වී තිබෙනවා.. ඕෂධී හිමායා, තුශිත රණවීර, නුවන් කලුආරච්චි ඇතුලු රoගන ශිල්පීන් තිහකට වැඩි ප්‍රමණයක් මේ සඳහා දායක වී තිබෙනවා. 

මෙම දැවැන්ත නිර්මාණයට මූල්‍යමය දායකත්වය සපයමින් නිෂ්පාදනය කරල තියෙන්නේ රූ චලන ප්‍රඩක්ෂන්ස් ආයතනයයි. මෙම වීඩියෝව ලංකාවේ කලාව වෙනස් කර ඇති බව අනිවාර්යෙන්ම කිව යුතුය.

 

තව විස්තර කියවන්න  

    

Media